Monday, May 6, 2013

From malkakulu.com

මෝටර් රථවල සිරස් ලාම්පුවල විශාල පෙරළියක් ළඟදීම! වැහි වෙලාවට පාර හොඳට පෙනෙන නව ක‍්‍රමයක්!

මේ ක‍්‍රමය සැකසූ අය කියන්නේ ඒ අනුව වැහි දිනවල පාර නො පෙනීම නිසා සිදු වන අනතුරු හා ඒවායින් සිදු වන මරණ වළක්වා ගන්න පුළුවන් කියලයි. ඕනෑම තද වැස්සක් අතරින් මග හොඳට පෙන්වන විස්මිත සිරස් ලාම්පු විශේෂයක් තමයි. මේ සඳහා යොදා ගන්නේ. ඒ ලාම්පු දැල් වුවා ම රියැදුරාට වැස්ස විනිවිද පෙනෙන්න පටන් ගන්නවා.

උසස් තාක්ෂණය යොදා ගෙන කර ඇති මේ නව නිර්මාණයට අනුව සිරස් ලාම්පූවලට ක‍්‍රම වේදයක් සකස් කර තියෙනවා, වැටෙන වැහි බිඳු නො පෙන්වන්නත්, ඒවා බිමට වැටෙන විට සිරස් ලාම්පුවල ආලෝකය ඒවාට නො වැටීමටත් හැකි වන විදියේ.

 
මේ විස්මිත සිරස් ලාම්පු තැනූ අය කියන්නේ මේවා දැල් වූ විට වැස්ස කෙතරම් තද වුනත් වැහි බිංදු නො පෙනී මහ මග හොඳින් පෙනෙන්නට පටන් ගන්නා බවයි.
0

විද්‍යාඥයෝ කෝස්ටාරිකාවෙන් අලූත් කෘමියෙකු සොයා ගනිති! ඇසට නො පෙනෙන තරම් පුංචියි!

පීටර් පෑන් නමින් ප‍්‍රකට ‘කිසිදාක නො වැඩුණු ළමයා’ ගැන ඔබ අසා ඇතුවා නිසැකයි. ස්කොට්ලන්ත ජාතික ලේඛක ශී‍්‍රමත් ජේ. එම්. බාරී (J.M. Barrie) විසින් ලියූ ‘පීටර් පෑන්’ (Peter Pan) චරිතය ඇතුළත් කතාවල ආ ටින්කර් බෙල් (Tinker Bell) නම් පුංචි සුරංගනාවි ඔබට මතකද?

එහෙමත් නැත්නම් වොල්ට් ඩිස්නි චිත‍්‍රපටවල සංකේතය වූ ටින්කර් බෙල් පුංචි සුරංගනාවි ඔබට මතකද? මේ සුරංගනාවිගේ නමින් තමයි, මේ පුංචි ම කෘමියා නම් කර තියෙන්නෙ. මේ කෘමියා අයත් වන්නේ අසරමැස්සන් (fairyfly) ගණයකටයි. (‘අසර’ යන වදන ‘සුරංගනා’ යන අරුත දෙන්නක්.) ඒත් ටින්කර් බෙල් පුංචි සුරංගනාවි තරම් මේ අලූතින් සොයා ගත් මැස්සා පහසුවෙන් දැක ගන්න පුළුවන්කමක් නැහැ.

ඌ ඉතා දුර්ලභ සතෙක්. ප‍්‍රමාණයෙන් ඉතා කුඩා මේ සත්ව විශේෂය සොයා ගෙන තියෙන්නේ කොස්ටා රිකා රටේ වනාන්තරවලින්. ඔවුන් සත්ව විද්‍යාත්මකව හඳුන්වන්නේ ‘ටින්කර්බෙල්ලා නැනා’ කියලයි. හොඳින් වැඩුණු මෙම කෘමියකුගේ මිලිමීටරයකින් හතරෙන් එකකටත් අඩුයි. ඒ කියන්නෙ මයික්‍රෝ මීටර් 250කටත් අඩුයි. ඒ වනාන්තරවල බිමයි, මේ සතා ජීවත්වෙන්නෙ.

 
ඉතා කුඩා ‘ටින්කර් බෙල්ලා නැනා’ (Tinker Bella Nana) නම් මේ කෘමියා දිගින් මිලිමීටර් කාලටත් අඩුයි.
0

තාරකා විද්‍යාඥයන්ගේ අලූත් ම සොයා ගැනීම: තරු තනන කම්හලක්!


පසුගියදා තාරකා විද්‍යාඥයන්ට විශ්වය සිසාරද්දී අමුතු ම දෙයක් හමු වුණා. ඒ තමයි විශාල වශයෙන් තරු නිපදවා පිට කරන දැවැන්ත තාරකා කම්හලක් හෙවත් තරු පැක්ටරියක්!

එය නම් කර ඇත්තේ ‘එච්එෆ්එල්එස්3’ (HFLS3) කියායි. පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 12.8ක් ඈතින් තමයි, පිහිටා තියෙන්නේ. එයින් වසරකට තරු හෙවත් සුර්යයන් 3,000ක් පමණ නිපදවනවා.

එය අපේ ක්ෂීර පථයට වඩා 2,000ක් විශාලයි.

‘එච්එෆ්එල්එස්3’ (HFLS3) කියා නම් කර ඇති මේ තරු කම්හල පිහිටා ඇත්තේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ බිලියන 12.8ක් ඈතිනි. එය වසරකට තරු 3,000ක් පමණ නිපදවයි. මෙහි පසුබිම් රූපයෙහි ඇත්තේ අහසෙහි ‘එච්එෆ්එල්එස්3’ ගැලැක්සිය පිහිටි කලාපය හර්ෂෙල් අභ්‍යවකාශ දුරේක්ෂයෙන් ගත් හර්ෂෙල් ස්පියර් පිළිබිඹුවක්. කුඩා කොටුවෙහි මැද තිතක් මෙන් ඇත්තේ ඒ ‘තරු කම්හල’ මැද කොටුවෙහි ඇත්තේ එහි විශාලනය කිරීමක්. ඉහළ වමේ ඇති කොටුවේ රූපය ඒ ගැලැක්සියේ රේඩියෝ/මිලිමිටර/සබ්මිලිමිටර් ක‍්‍රමයෙන් ලබා ගත් තවදුරටත් විශාලනය කළ පිළිබිඹුවන්. ඉහළ දකුණේ ඇත්තේ කාබන් මොනොක්සයිඞ් අණුවලින් විමෝචනය වන විකිරණ දැක්වෙන දැවැන්ත දුරේක්ෂ පද්ධතියකින් ගත් වර්ණාවලීක්ෂයක්. එයින් එහි පිහිටිම හඳුනා ගත හැකියි.
2

ආජෙන්ටිනාවේ ශීත හිමගිරේදී හමු වූ විස්මිත මමි තුනේ කතාව!

ආජෙන්ටිනාවේ කෞතුකාගාරයක දැනට ප‍්‍රදර්ශනය කෙරෙන යොවුන් වියේ මමියක් තියෙනවා. ඒ මමිය කෙතරම් සුරැකිව තියෙනවාද කීවොත් ඒවා ඊජිප්තුවේ දී හමු වූ මිසර මමිවලට වඩා වෙනස්. ඒ නිසා ම ඒවා විද්‍යාඥයන්ගේ අවධානයට ලක් වුණා.

ඒ එක මමියක් හැඳින්වෙන්නේ ‘ලා ඩොන්සෙලා’(La Doncella) කියලයි. එහි අරුත ‘කන්‍යාවිය’ නැත්නම් ‘යෞවනිය’ යන්නයි. තවත් විධියකින් කීවොත් ‘නාඹර කෙල්ලක්’ ඇය මිය ගොස් ඇත්තේ මීට වසර 500කට පෙරයි.


Read more: http://www.malkakulu.com/#ixzz2SZr9Xxgq

No comments:

Post a Comment

Primary Department Of St.Anthony's College - Kandy

Primary Department Of  St.Anthony's College - Kandy

Search This Blog