Monday, May 6, 2013

from malkakulu.com

ඔබ ඇවිදින විට හැඩය හා පාට වෙනස් වෙන ඇඳුමක්! විස්මිත ඉලෙක්ට්‍රොනික නිර්මාණයක්!

‘කර්ම චැමලියන්’ (Karma Chameleon) නමින් ව්‍යාපෘතියක් දියත් කරලා තියෙනවා, කැනඩාවේ මොන්ටි‍්‍රයෙල්හී කොන්කෝඩියා විශ්ව විද්‍යාලයෙන්. මේ ව්‍යාපෘතිය මගින් කෙරෙන්නේ ඉලෙක්ට්‍රොනික රෙද්දක් වියා ඇඳුමක් නිර්මාණය කිරීමයි. ඒ මගින් සිරුරේ ඇති තාප ශක්තිය ගබඩා කර ගත හැකියි.

මේ නවෝත්පාදනය පසුපස සිටින කණ්ඩායමේ අපේක්ෂාව වුණේ හැඩය හා වර්ණය වෙනස් කළ හැකි ඇඳුමක් නිර්මාණය කිරීමයි. ඔබේ සිරුරේ ශක්තියෙන් ජංගම දුරකථනයක් ‘චාජ්’ කළ හැකි කමිසයක් තැනීමත් ඔවුන් එහිදී ලත් එක් ජයග‍්‍රහණයක්!

 
ඇඟලන තැනැත්තාගේ චලනයන් අනුව හැඩය හා වර්ණය වෙනස් වන ඇඳුමක් නිර්මාණය කරන්නට කැනේඩියානු විශේෂඥයන් පිරිසක් සමත් වී තියෙනවා. ‘ඇක්රෝබැට් ඞ්රස්’ (Acrobat Dress) නම් මේ ඇඳුම වෙස් පෙරළිය හැකි ඒ ඇඳුම් කට්ටලවලින් එකක්.

පෘථිවියට වඩාත් සමාන තවත් ග‍්‍රහ ලෝක දෙකක්! පිළිගන්න මහ පොළොව-1 හා මහ පොළොව-2!

පෘථිවියට වඩාත් සමාන තවත් ග‍්‍රහ ලෝක දෙකක් ඉතා දුරින් පිහිටි තරුවක් වටා යන බව තාරකා භෞතික විද්‍යාඥයන් විසින් අලූතින් ම සොයා ගෙන තියෙනවා.

අලූතින් සොයා ගෙන ඇති කෙප්ලර් 62 සෞර ග‍්‍රහ පද්ධතියේ ඇති මේ ග‍්‍රහ ලෝක පාෂණ හා අයිස් වලින් නිර්මිත යැයි සොයා ගෙන ඇති බැවින් ඒවායේ ජලය ඇතැයි ද විද්‍යාඥයන් විශ්වාස කරනවා.

කෙප්ලර් 62ඊ හා කෙප්ලර් 62එෆ් යන ග‍්‍රහ ලෝක දෙක සුර්යයාට බොහෝ සේ සමාන වූ තරුවක් වටා භ‍්‍රමණය වන, අලූතින් සොයා ගෙන ඇති ග‍්‍රහ ලෝක පහ අතරින් ජීවීන්ට හිතකර පරිසරයක් බිහි විය හැකි දුරකින් පිහිටි ඒවා බව දැන් තහවුරු කර ගෙන තියෙනවා.

 
ඈත පිහිටි තාරකාවක වටා යමින් සිටින, අලූතින් සොයා ගත් කේප්ලර් 62ඊ හා 62එෆ් යන ග‍්‍රහ ලෝක දෙක අපේ පෘථිවියට බොහෝ සේ සමාන විය හැකි යැයි තාරකා විද්‍යාඥයන්ගේ විශ්වාසයයි. මේ රූප සටහන සිත්තරකුගේ නිර්මාණයක්.

මෙන්න ඉතිහාසය අලූතින් ම ලියන මෝටර් රථය! - ‘ඇස්ටන් මාටින් හයිඩ‍්‍රජන් හයිබි‍්‍රඞ්’ හරිත රිය!

ඔබ ජේම්ස් බොන්ඞ් චිත‍්‍රපට දැක ඇත්නම් ඇස්ටන් මාටින් (Aston Martin) මෝටර් රථයත් දැක ඇතුවාට සැකයක් නැහැ. ඒ ඇස්ටන් මාටින් වර්ගයේ අලූත් ම රථය දැන් කලඑළි බසින්න සූදානම්. මෙය මෝටර් රථ ඉතිහාසය අලූතින් ලියවෙන අවස්ථාවක් වෙනවාට සැකයක් නැහැ.

මේ නවතම මෝටර් රථය එන්නේ හරිත රථයක් හෙවත් පරිසර මිතුරු රියක් ලෙසටයි. මෙය අන්තර් ජාතික මෝටර් රථ ධාවන තරග පථයක දී එක් වටයක් සම්පූර්ණ කිරීමට යන ලොව ප‍්‍රථම හයිඩ‍්‍රජන් බලයෙන් ධාවනය වන රිය ද වෙනවා.

හයිබි‍්‍රඞ් හයිඩ‍්‍රජන් රැපිඞ් එස් (Hybrid Hydrogen Rapide S) කියා නම් කොට ඇති ඇස්ටන් මාටින් වර්ගයේ අලූත් ම මෝටර් රථය මේ වසරේ දී ජර්මනියේ නූර්බර්ග්රින්හි දී පැවැත්වෙන 24 පැයේ මෝටර් රථ තරගාවලියට එක් වීමට නියමිතයි.

ජර්මනියේ නූර්බර්ග්රින් නගරය ෆෝමිලා වන් ග්‍රොන්ද් පී‍්‍ර මෝටර් තරගවලට ප‍්‍රසිද්ධයි. මෙවර එම තරගාවලියට එක් වීමට නියමිත මෙම රථය නිපදවූ බි‍්‍රතාන්‍ය මෝටර් රථ සමාගමේ සියවස් උළෙල ද යෙදී ඇත්තේ මේ වසරටයි.

 
ඉතිහාසය අලූතින් ලියන ‘හයිබි‍්‍රඞ් හයිඩ‍්‍රජන් රැපිඞ් එස්’ හරිත රිය - ජර්මනියේ නූර්බර්ග්රින් හිදී තරග බිමට බසින්න සූදානම්.
2

ගල් අත් පොරව නිසා මානවයාගේ අත දැන් තියෙන තත්වයට දියුණු බව කියන අලූත් සොයා ගැනීමක්!


අලූතින් ම සොයා ගත් පොසිලයකින් මිනිස් අත අද පවත්නා විධියට පරිණාමය වූ අන්දම හෙළිදරවු කර ගැනීමට විද්‍යාඥයන් පිරිසක් සමත් වෙලා.

මෑතක් වන තෙක් මෙය රහසක්ව පැවතුනා. අපේ මුතුන්මිත්තන්ගේ අත වර්තමානයේ පවත්නා ආකාරයට ආයුධ අල්ලා ගෙන හසුරුවන්නට හැකි වන අයුරින් කෙසේ දැයි පැහැදිලි කර ගන්න බැරිවයි විද්‍යාඥයන් සිටියේ.

කෙසේවෙතත්, අලූතින් සොයා ගත් හස්ති ඇටයකින් පරිණාමයේ මෙතෙක් අපට අබිරහසක්ව පැවති කොටස සම්පූර්ණ කර ගන්නට ඔවුන් සමත් වී තියෙනවා.

 
මිනිසා අවි ආයුධ හොඳින් හසුරුවන්නට හැකි වන පරිදි පරිණාමය මගින් අත දියුණු කර ගත් අන්දම අලූතින් ම සොයා ගත් පොසිලයකින් හැකි වී තියෙනවා.

හිත නැත්නම් අත නැතුවට කමක් නෑ. මේත් හිත උණු වෙන කතාවක්!


මේ බලූ සුරතලා උපන්නේ නත්තල් දාට කලින් දා 2002 අවුරුද්දේ. උපදින කොට ම තිබුණේ කකුල් දෙකක් විතරයි. ඒ නිසාට ඌට ඇවිදීමට පුළුවන් කමක් තිබුණේ නෑ. එයාගෙ අම්මටත් මේ පැටියා එපා වෙලා තිබුණෙ.

එයාගේ මුල් අයිතිකාරයත් හිතුවා මේ වැඩි කලක් ජීවත් වෙන එකක් නැහැ කියල. ඉතින් එයා හිතුවා මෙයාව ‘සදාකාලිකව නිදි කරවන්න.’

ඒත් වාසනාවකට වාගේ ඊට කලින් මෙයාට මෙයාගේ දැන් අයිතිකාරයා හමු වුණා. එයා අයිතිකාරයෙක් නෙමෙයි, අයිතිකාරියක්. නම ජූඩි ස්ටි‍්‍රන්ෆෙලෝ. ජූඩි හිතුව මෙයාව හදා වඩා ගන්න ඕනෑ කියල.

තවත් නස්රුදින්ගේ කතා දෙකක්!

මිනිසෙකුට මෝඩ විය හැකි සීමාව?
නස්රුදින් හිටිය ගම්වල මිනිස්සු තම තමන්ගේ වී වුනත් ගබඩා කළේ ගමටම පොදු එකම ගොඩනැගිල්ලකයි.

එක දවසක් එහි දී නස්රුදින් අසල්වැසියන්ගේ වී එයාගෙ මලූවලට පුරවද්දී අහුවෙලා නඩුකාරයා ළඟට අරන් ගියා.

”මං මෝඩයෙක්, මං ඒ ගොල්ලන්ගෙ වි අඳුනන්නෙ නෑ.” නස්රුදින් එහි දී කිව්වා.

”එහෙනම් ඇයි ? තමාගේ වී අනිත් අයගෙ මලූවලට දැම්මෙ නැත්තේ ?”

”ආ! මං මගෙ වී අඳුනනවා. මං එච්චර මෝඩයෙක් නෙමෙයි.” නස්රුදින් කිව්වා.

ඇඟිලි සලකුණවලට වගේ ඔබ හෙළන හුස්මටත් තැනක්! අලූත්ම අධ්‍යයනයකින් හෙළි වූ රහස්!

ඇඟිලි සලකුණුවලට වගේම තැනක් ඔබ පහත හෙළන හුස්ම පොදටත් තියෙන බව ඔබ දන්නවද? ඇඟිලි සලකුණ වලින් වගේම ඔබ පහත හෙළන ඔබේ හුස්ම පොදෙනුත් ඔබව හඳුනා ගන්න පුළුවන්. මෑතදී කෙරුණු අලූත්ම අධ්‍යයනයකින් තමයි, මේ තොරතුරු හෙළි වී තියෙන්නෙ.

මේ අධ්‍යයනය වාර්තාව පළ වී ඇත්තේ ‘ප්ලොස් වන්’ (PLOS ONE) නම් අන්තර් ජාල විද්‍යා ජර්නලයේ යි. මූත‍්‍ර හෝ රුධිර පරීක්ෂාවකින් රෝග තත්වයන් සොයා ගන්නවා වාගේ වෛද්‍යවරුනට රෝග නිර්ණය කිරීමට මෙය යොදා ගත හැකි යැයි එම වාර්තාවෙහි සඳහන් වෙනවා.

හුස්ම පහත හෙළන ආකාරය වෙනස් නොවන නිසා ප‍්‍රතිඵල ඇසිල්ලකින් ලබා ගන්න පුළුවන්. එසේ ම නිර්වින්දන හා මත් ද්‍රව්‍ය භාවිතය පිළිබඳ පරීක්ෂණවලටත් එය යොදා ගත හැකියි.

 
ප‍්‍රශ්වාස වාතයේ ඇති සංයෝග ඇඟිලි සලකුණු වගේම පුද්ගලයාට ආවේණික දෙයක් ලෙස අලූත් ම අධ්‍යයනයකින් කියවෙනවා. එහි ඇති පරිවෘත්තීය සංයුතිය අනුව පුද්ගලයාගේ සෞඛ්‍යය ගැන, පිළිකා වැනි රෝග තත්වයක් ඇද්ද යන වග දැන ගන්න පුළුවන්.

Read more: http://www.malkakulu.com/search?updated-max=2013-04-23T17:30:00-07:00&max-results=10#ixzz2SZrW3sbQ

No comments:

Post a Comment

Primary Department Of St.Anthony's College - Kandy

Primary Department Of  St.Anthony's College - Kandy

Search This Blog