Monday, May 6, 2013

3

වසර 122කට පසු පළමු වරට බෙල් ඔහුගේ හඬින් ම ලොව අමතයි! ”මේ මගේ කටහඬයි! මම ඇලෙක්සැන්ඩර් ග‍්‍රැහැම් බෙල්!”

ප‍්‍රථම වතාවට ඇලෙක්සැන්ඩර් ග‍්‍රැහැම් බෙල්ගේ කටහඬ පර්යේෂකයන් පිරිසක් විසින් සොයා ගෙන තියෙනවා. ඒ පැරණිම ශබ්ද පටි ගත කිරීම් අතරින් කළ සොයා ගැනීමක්.

ඇමරිකානු ජාතික ඉතිහාස කෞතුකාගාරයේ (ස්මිත්සෝනියන් කෞතුකාගාරයේ) පර්යේෂකයන් පිරිසක් තමයි, මේ අපූරු සොයා ගැනීම කර ඇත්තේ. 1885 දී ඉටි තැටියකට නඟනු ලැබූ මේ කටහඬ මතුකර ගෙන ඇත්තේ ඒ ස්මිත්සෝනියන් කෞතුකාගාරයට කිසිවකු විසින් පරිත්‍යාග කර ගබඩා කර තිබූ පැරණි තැටි අතර තිබිලයි.

මෑතදී ලබා ඇති තාක්ෂණික දියුණුව නිසා තමයි, වසර 100කට පසු පළමු වතාවට මේ පටිගත කිරීම් අසන්නට හැකි වී තියෙන්නේ.

 
ඇලෙක්සැන්ඩර් ග‍්‍රැහැම් බෙල්ගේ කටහඬ ඇතුළත් ව තිබූ ඉටි තැටියයි, මේ. ඇමරිකානු ජාතික ඉතිහාස කෞතුකාගාරය විසින් මේ කටහඬ මතු කර ගෙන ඇත්තේ කොංග‍්‍රස් පුස්තකාලයේ හා කැලිෆෝනියාවේ ලෝරන්ස් බර්ක්ලි ජාතික රසායනාගරයේ තාක්ෂණ ශිල්පීන්ගේ සහය ඇතිව මෙය හඳුනා ගනු ලැබුවා.
5

ආශ්චර්යවත් කමිසයක්! සෝදන්නෙ, මදින්නෙ නැතුව දින 100ක් අඳින්න පුළුවන්!

රෙදි සෝදන්න ලොන්ඩරි ගිය කාලෙ ඉවරයි! රෙදි සෝදන යන්ත‍්‍රවලින් පවා පලක් නැහැ. ඇමරිකානු රෙදිපිළි නිෂ්පාදන සමාගමක් විප්ලවකාරී කමිසයක් නිපදවලා තියෙනවා.

නිෂ්පාදකයන් කියන විධියට මේ කමිසය දින 100ක් එක දිගට පිරිසිදුව තියෙනවා විතරක් නොවෙයි, කොච්චර දාඩිය දැම්මත් දුගඳක් හමන්නෙත් නැහැ. හරිම පුදුමයි නේද? ඒ විතරක් නෙවෙයි, පොඩි වෙන්නෙත් නැහැ. ඒ නිසා මදින්න අවශ්‍ය වෙන්නෙත් නැහැ.

 
වූල් ඇන්ඞ් පි‍්‍රන්ස් ආයතනය කියනවා, මේ කමිසය නො සෝදා නො මැද දින 100ක් ඇඳිය හැකියි කියා.
3

විද්‍යාඥයන්ගේ විස්මිත හපන්කමක්! සකි‍්‍රය කුඩා අක්මාවක් ති‍්‍රමාන ක‍්‍රමයට මුද්‍රණය කරති!

විද්‍යාඥයන් දැන් සූදානම් වන්නේ රසායනාගාර තුළ නිම වූ අක්මා බද්ධයටයි. දැනටමත් ඔවුන් ති‍්‍රමාන (3D) මුද්‍රණ යන්ත‍්‍රය යොදා ගෙන කුඩා ප‍්‍රමාණයේ අක්මා තැනීමට සමත් වී තියෙනවා.

මිලිමීටර් බාගයක් ඝනකම ඇති, මිලිමිටර් හතරක් පළල කුඩා අක්මා කොටසක් යොදා ගෙන ඔවුන් කළ අත්හදා බැලීම්වලින් පෙනී ගියා, සැබෑ අක්මාවක් ඉටු කරන වැදගත් කාර්යයන් ගණනාවක් ම එයට කළ හැකි බව. සිරුර පුරා හෝමෝන, ලූණු හා ඖෂධ ගෙන යාමට අවශ්‍ය ප්‍රෝටීන් නිපදවීමටත් එයට හැකියාව ඇති බවත් පෙනී ගියා.

ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ පිහිටි ඕගනෝවෝ (Organovo) කියන ආයතනයේ විද්‍යාඥයන් තමයි, මේ ජෛව මුද්‍රණ ක‍්‍රමයේ පුරෝගාමීන් වී සිටින්නේ. ඔවුන් මුල්වරට සමත් වී තියෙනවා, මේ ති‍්‍රමාන මුද්‍රණ යන්ත‍්‍රය යොදා ගෙන ස්තර 20ක් ඇති අක්මා සෛල විස්මිත ලෙස මුද්‍රණය කරන්න. මුද්‍රණයේ දී ඒවා නිර්මාණය වන්නේ ඒවා තුළ ඔක්සිජන් හා විවිධ අංශුපෝෂක ආදිය සංසරණය වන රුධිර වාහිනී ද සහිතවයි.

 
කැලිෆෝනියාවේ සැන් දියේගෝවල ඕගනෝවෝහි විද්‍යාඥයන් ඔවුන්ගේ රසායනාගාරය තුළ ති‍්‍රමාන ක‍්‍රමයට මුද්‍රණය කළ බහුසෛලීය අක්මා කොටසක්.

Read more: http://www.malkakulu.com/#ixzz2SZqfAFLw

No comments:

Post a Comment

Primary Department Of St.Anthony's College - Kandy

Primary Department Of  St.Anthony's College - Kandy

Search This Blog