Monday, May 6, 2013

From Malkakulu.com

ලෝක දේශපාලනයේ පරමාදර්ශී කාන්තාව - මාගරට් තැචර් (‘යකඩ ගැහැනිය’) ජීවිතයෙන් සමුගනියි.


බි‍්‍රතාන්‍යයේ ප‍්‍රථම සහ එකම අගමැතිවරිය ඇයයි. බි‍්‍රතාන්‍ය වැසියන්ගේ පමණක් නොව, මුළු ලෝකයේම ගෞරවයටත් ආදරයටත් පාත‍්‍ර වූ ඇය වඩාත් ප‍්‍රකට ‘යකඩ ගැහැනිය’ යන අන්වර්ථ නාමයෙනි. කොන්සවර්ටිව් පක්ෂයට නායකත්වය දෙමින් පිට පිට තෙවරක් බි‍්‍රතාන්‍යයේ අගමැති ධුරය හෙබවූ ඇය මාගරට් තැචර්ය. මහ රැජන විසින් ආදිපාද පදවියකට උසස් කිරීම නිසා මියයන විට තැචර් ආදිපාදවරිය ලෙසින් හඳුන්වනු ලැබීය. දීර්ඝ කාලයක් පුරා අයහපත් රෝගී තත්ත්වයෙන් පීඩා විඳි ඇය, පසුගිය 8 වැනිදා මෙලොවින් සමුගත්තේ මොළයේ ඇති වූ ආඝාත තත්වයක් නිසාය. මිය යන විට ඇගේ වයස අවුරුදු 87 කි.

2

පැහැර ගෙන යාම් වළක්වන වළල්ලක්! ස්වේච්ඡා සේවකයන්ට තාක්ෂණික ආරක්ෂාවක්!

ලෝකයේ අලූත් ම සන්නිවේදන නිපැයුම මෙයයි. සන්නිවේදන තාක්ෂණයේ විශිෂ්ට නිපැයුමක් ලෙස මෙය හඳුන්වන්න පුළුවන්.

මේ නව නිපැයුම, අනතුරක දී ලොවට ම ඒ බව හඬ ගා කිව හැකි බ්‍රේස්ලට් එකක් එහෙමත් නැත්නම් අතේ පලඳින වළල්ලක්! චන්ද්‍රිකා මඟ සෙවුම් තාක්ෂණයේ පිහිටෙන් කි‍්‍රයා කරන මේ නව මෙවලමෙන් ස්වේච්ඡා සේවකයකු හදිසි ප‍්‍රහාරයකට ලක් වුවහොත් ඒ බව එසැණෙන් ලොවට ම හඬ ගා කියන්න පුළුවන්.

මෙසේ දැනුවත් වීම කරන්නේ ෆේස් බුක් හා ට්විටර් මගින් අන්තර් ජාලය හරහායි. ලෝකයේ මිලියන ගණනක් දෙනාට එසැණෙන් දැන්විය හැකියි. ඒ එක්කම තත්පර කීපයක් ඇතුළත ලොව පුරා මාධ්‍ය දැනුවත් කිරීමක් ද කළ හැකියි. මේ සියල්ල කරන්නේ ඒ නව බ්‍රේස්ලට් එක මගින් ස්වයංකී‍්‍රයවයි.

 
නතාලියා ව්‍යාපෘතියේ බ්‍රේස්ලට් චන්ද්‍රිකා මඟ සෙවුම් තාක්ෂණයට සම්බන්ධ කරලයි තියෙන්නෙ. ඒ මගින් ස්වේච්ඡා සේවක පැහැර ගැනීමක දී එසැණෙන් ලොවට ම දැනුම් දිය හැකියි.
7

ලොව පළමු සෙල් ෆෝනය මේකද? වසර 75ක් පැරණි පින්තූරයේ රහස හෙළි වෙයිද?

බලන්න මේ තරුණිය ජංගම දුරකතනයක් කනේ තියා ගෙන පාර දිගේ කතා කර කර යනවා! අද නම් මේ වගේ දසුනක් ගමක පාරක වුනත් ඔබ දැක ඇතුවාට සැකයක් නැහැ. ඒත් මේ දර්ශනය කැමරාවට නඟා ඇත්තේ මීට අවුරුදු 75කට පෙරයි!

1938 දී ඇමෙරිකාවේ වීදියක ගමන් කළ මේ යුවතියගේ අතට වර්තමානයේ අප පාවිච්චි කරනා තාලේ සෙල් ෆෝනයක් (ජංගම දුරකතනයක්) ආවෙ කොහොමද?

ඒ කාලයේ මේ වගේ දෙයක් නිපදවීම තියා මෙවැන්නක් ගැන හිතලවත් නොතිබුණා නම් මෙම දර්ශනය චිත‍්‍රපටයකට ගත් නිර්මාණයක්ද? සමහර අය කීවේ චිත‍්‍රපටය තුළින් අනාගතය දැකීමක් ලෙස මෙම දසුන සලකන්න පුළුවන් කියලයි. අනාගතය පරිකල්පනය කළ අවස්ථා චිත‍්‍රපටවල ඕනෑ තරම් තිබුණා. මේ වගේ

මේ රූප පෙළ මේ වන විට යූටියුබ් (YouTube) එක හරහා ලක්ෂ තුනකට වැඩි වාර ගණනක් සංසරණය වෙලා තියෙනවා. වර්ණ චිත‍්‍රපට එන්නට පෙරාතුව කළු සුදු ක‍්‍රමයට කැමරාවට නගන ලද මෙහි රහස පසුගිය දා හෙළි වුණා. මෙම තරුණිය තමාගේ මීමිත්තණිය යැයි යුටියුබ් ග‍්‍රාහකයෙක් හෙළි කළා.

 
අනාගතයට යාමක් ද? මෙහි දැක්වෙන්නේ ඇමරිකාවේ ඩුපොන්ට් ආයතනයෙන් පිට වී යන තරුණ සේවිකාවන් පිරිසක්. එයින් එක් තරුණියක් අතේ ඇති ජංගම දුරකතනයකින් කතා කරමින් යනවා ඔබට පෙනෙනවා ඇති. වසර 75කට පෙර මේ රූප පෙළ ගන්න කොට ජංගම දුරකතනය නිපදවා තිබුණේ නැහැ.
0

කුඩා කැංගරු පැටියෙක් මෙලොව එළිය දකින විස්මිත මොහොත විදු ඇසින්!

බේබි වොලිබියා නැත්නම් කුඩා කැංගරුවා (ජොයියා කියලත් කියනවා) මවගේ පැස තුළට බඩ ගාන්නට ඉගෙන ගන්නේ ගර්භාෂයේ සිටියදියි. කැංගරුවකු ගැබ තුළ වැඩෙන හැටි වීඩියෝවකින් බලන්න! මෙන්න ඔබටත් අවස්ථාවක්.

උච්ච සමාධානය සහිත අතිධ්වනික පරිලෝකනයන් යොදා ගෙන ඕස්ටේ‍්‍රලියාවේ මෙල්බෝන් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් විමසීමක් කළා, ඇස් නොපෙනෙන, ලෝම රහිත කලලයන් මවගේ පැස තුළ යන ආකාරය පුහුණු වූ හැටි ගැන.

අනෙක් සියලූ ම මාසුපිලාවන් හෙවත් පැසිපොව්වන් වගේ ම වොලබියන්ටත් (කුඩා කැංගරුවන්ටත්) කලල අවස්ථාවේ සිට ම මවගේ පැස වෙතට බඩ ගා යාමේ හැකියාව තියෙනවා. පැස තුළ ඇති තන පුඩුවලින් කිරි උරා බී මාස කීපයක් ඔවුන් ඒ තුළ වැඩෙනවා.

මෙල්බෝන් විශ්ව විද්‍යාලයේ ආචාර්ය ජ්‍යොෆ් ෂෝ කියන්නේ, ”මේ ඉතා කුඩා පැටවුන් ‘කුස’ තුළින් ලොම් අල්ලා ගෙන පැස තුළට යන ගමන හරිම විස්මිතයි.” කියායි.

 
කුඩා කැන්ගරු මවගේ පැස තුළ කැන්ගරු බබාලා! උපන් හැටියේ මේ පැටවා හැඳින්වෙන්නේ ජොයියා කියලයි. උපදින විට මීමැස්සෙක් විතර ඇති. තේ හැන්දකට කීප දෙනෙක් දමන්න පුළුවන්. හොඳින් වැඞී නැති ඒ කුඩා පැටවු මවගේ ‘කුස’ තුළින් එළියට ඇවිත් පැස තුළට යන ගමන විස්මයජනක එකක්.

Read more: http://www.malkakulu.com/search?updated-max=2013-04-12T18:30:00-07:00&max-results=10&start=10&by-date=false#ixzz2SZsKZyMV

No comments:

Post a Comment

Primary Department Of St.Anthony's College - Kandy

Primary Department Of  St.Anthony's College - Kandy

Search This Blog