Friday, February 22, 2013

From Malkakulu.com

0

මහ මුහුදේ මහ අරුමයක්! සති ගණනක් නොකා නොබී බිත්තර කටේ තියාගෙන රකින තාත්තලා!

මේ මිහිමත බැලූ බැලූ තැන්වල විස්මිත දේ හමුවෙනවා. සප්ත මහා සාගරය තමයි, මේ අරුමයන් රැසක් සඟවා ගෙන ඉන්නේ! මේ එවැනි එක් විස්මයක්! පහසුවෙන් දැක ගන්න බැරි අති දුලබ දසුනක්!

මේ තමා කාඩිනල් මාළුවා. එයා අද ලෝකයේ ජීවත්වන හරිම නවීන අදහස් ඇති පිරිමි සතෙක්. බිත්තර රැකීම ගැහනු සතාට, ඒ කියන්නෙ ‘බිරිඳ’ට, බාර දීලා නිකං අහක බලා ගෙන ඉන්නෙ නෑ. ඒ වගකීම තමන්ම බාර ගන්නවා.

‘බිරිඳ’ බිත්තර දැම්මාම ඒ සියල්ල සංසේචනය කොට රැකීම සඳහා ඌ ඒවා කට ඇතුළට ගන්නවා. බිත්තර රැකලා පැටවුන් මෙලොව එළිය දකිනතුරු සති ගණනක් කෑමක් බීමක් ගන්නෙවත් නෑ. බඩගින්නේම බිත්තර රකිනවා.

මේ වගේ අවස්ථාවක් අප අහලා තිබුනත් පින්තූරවලින් දැකල තිබුණේ නෑ. ඒ දුර්ලභ වාසනාව පසුගියදා අපට උදා වුණා. මේ වාසනාව උදා කර දුන්නේ එක්සත් රාජධානියේ පරණ පොලිස්නිලධාරියෙක්. නමින් නිකලස් ටෙරී. ඔහු දැන් දිය යට දර්ශන කැමරාවට නඟන ඡායාරූප ශිල්පියෙක්.

සති ගණනක් තිස්සේ කටේ තියාගෙන බිත්තර රකින මේ මාළුවා සෑම මිනිත්තු කීපයකට සැරයක් බිත්තරවලින් කීපයක් කටින් එළියට දානවා රැකීමේ පියවරක් හැටියට. ඒ වරින් වර චලනය කිරීම අවශය නිසා. එසේ එළියට දමන බිත්තර ඊළඟ තත්පරයේදී යළිත් කට ඇතුළට ගන්නවා, රකින්නට.

මේ දර්ශන පවා ටෙරීගෙන් බේරී ගියේ නෑ. ඒවාත් අපූරුවට ඡායාරූපයට නඟන්න ටෙරී සමත් වුණා. එක් අතකින් ඔහු හරිම වාසනාවන්ත ඡායාරූප ශිල්පියෙක්! අනික් අතින් අපත් වාසනාවන්තයි! ඒවාගේ දුර්ලභ ඡායාරූප දැක ගන්න.

 
මේ තමයි, කාඩිනල් මාළුවා (Cardinal Fish) කටේ තියා ගෙනයි, බිත්තර රකින්නෙ. සති ගණනක් මේ ඉරියව්වෙන් ඉන්නවා බිත්තර රැකලා පැටවුන් එළියට එනතුරු.
3

බල්ලන් වසර 33,000කට පෙර ආහාර හිඟමනේ ආ හිඟන්නන් පිරිසක්ද? තවත් අලූත් ම අධ්‍යයනයකින් හෙළි වන රහස්!

බල්ලා මිනිසාගේ සුරතලා වූයේ කවදාද? මෙතෙක් කලක් සිතා සිටියේ එය මීට වසර 10,000කට පමණ පෙර සිදු වූවක් කියායි. එහෙත් එය එසේ නොවේ.

බල්ලා මිනිසාට වඩාත් සමීප වූයේ ආහාර ලබා ගැනීමේ පහසුව සඳහායි. එය බලූ සුරතලූන් ඇති කරන වැඩි දෙනකු මවිතයට පත් කරන කාරණාවක් නොවේ. එය ඔවුන් අත්දැකීමෙන් ම දන්නා දෙයකි.

අලූත් ම අධ්‍යයනයකින් හෙළි වී තියෙන විදියට වෘකයන් හා සුනඛයන් අතර ඇති ප‍්‍රධාන වෙනස වී ඇත්තේ සියවස් ගානක් තිස්සේ මිනිසාගේ ආහාර ගැනීමට හුරු වීම නිසා සුනඛයන් තුළ පිෂ්ටය දිරවිය හැකි ජාන බිහි වී තිබීමයි. එයින් ඔවුනට මිනිස් ආහාරයෙන් ශක්තිමත්ව වැඩෙන්නට හැකියාව ලැබී තිබේ.

එම අධ්‍යයනය කළ ස්වීඩන පර්යේෂක කණ්ඩායම කියන්නේ, සුනඛයන් මිනිස් ආහාරවලට පි‍්‍රය කිරීම තුළින් ඔවුන් මිනිසාට හීලෑවී මිනිස් ජනාවාස අසල අනාදිමත් කාලයක් තිස්සේ ගැවසෙක්කට ඇතැයි සිතිය හැකියි.

 
මිනිසාගේ ආහාරවලින් කලක් තිස්සේ යැපීම නිසා බල්ලන්ගේ ජාන ඊට ගැළපෙන පරිදි වෙනස් වී තිබේ.

Read more: http://www.malkakulu.com/#ixzz2LcmAbFeU

No comments:

Post a Comment

Primary Department Of St.Anthony's College - Kandy

Primary Department Of  St.Anthony's College - Kandy

Search This Blog