Wednesday, February 20, 2013

ඈත හිමේ පෙන්ගුවින් කුරුල්ලන්ගේ සොයන්න ගිය රොබෝ පෙන්ගුවින්ලා! මෙතෙක් නුදුටු විස්මිත දසුන් දැක ගන්න!

පෙන්ගුවින් පැටිහලක දසුන් කැමරාවට නඟන්නට පසුගියදා බීබීසී වන ජීවී කැමරාකරුවන් අපූරු උපක‍්‍රමයක් යොදා තිබුණා. ඒ නිහඬව රූ ගත කිරීම් කළ හැකි කැමරා සවි කළ රොබෝ පැටවුන් ඒ පෙන්ගුවින් පැටිහලකට හොර රහසේ ඇතුළු කිරීම මගිනුයි.

ඔවුන් මේ ක‍්‍රමයට පෙන්ගුවින් ප‍්‍රජාවන් තුනකගේ මෙතෙක් කිසිදාක නුදුටු ආකාරයේ දසුන් රූ ගත කිරීමට සමත් වෙලා තියෙනවා. පෙන්ගුවින් පැටවුන්ගේ පමණක් නොව වැඩිහිටි පෙන්ගුවින්ලාගේ හැසිරීම් රටාවල මෙතෙක් මිනිස් ඇස නොගැටුණු බොහෝ මේ දර්ශන තුළින් දැක ගන්නට හැකි වී තියෙනවා.

මේ සඳහා බීබීසී වාර්තා චිත‍්‍රපටකරුවන් ඔවුන්ගේ කැමරා 50ක් පෙන්ගුවින්ලාගේ හැටියටම තැනූ රොබෝ පෙන්ගුවින්ලාගේ සිරුරු තුළ රැඳෙව්වා. ඒ ක‍්‍රමයට තමයි, ඔවුන් පෙන්ගුවින්ලාට සමීප වූයේ.

අවුරුද්දකට ආසන්න කාලයක් ඔවුන් ලෝකයේ ප‍්‍රදේශ තුනක පෙන්ගුවින්ලාගේ ජීවිත මේ වාර්තා චිත‍්‍රපට මාලාවට හසු කර ගෙන තියෙනවා. එහි දී ඉගිල්ලෙන් බැරි ඒ කුරුල්ලන් දරුවන් හැදීමට දක්වන දැඩි කැප වීම හා දරුවන්ට දක්වන ආදරය නිසා ඔවුන් ‘සොබාදහමේ වඩාත්ම කැප වූ මාපියන් ලෙස’ ගිණිය හැකියැයි ඒ වැඩ සටහනේ නිෂ්පාදක පිරිස කියනවා.

 
බීබීසීය විසින් තනා ඇති වාර්තා චිත‍්‍රපට මාලාවේ එන දසුනත්. පෙන්ගුවින් එක පොදියට පැටවුන් වට කර ගෙන සිටින අයුරු. මෙය රූ ගත කළ ඔත්තුකාරයාත් ඒ පොදියේ ම කොටසක්. මේ දසුන ඇන්ටාර්ක්ටිකාවේ තුනී හිම තට්ටු මත දී ගත් එකක්.

Read more: http://www.malkakulu.com/#ixzz2LQmZszPi

No comments:

Post a Comment

Primary Department Of St.Anthony's College - Kandy

Primary Department Of  St.Anthony's College - Kandy

Search This Blog