නෛයිඅඩි වන්නම
බෝසත් නාගරාජයා පිළිබද කියවෙන කවි මෙහි අඩංගුයි.මෙහි නම “නෛඅඩි”වුවද නයි ඇල්ලීමේ මුද්‍රා විලාශයත් මේ වන්නමේ තිබෙනවා.කරුණා රසය අඩංගුයි.
ගණපති වන්නම
ගණ දෙවියන්ගේ ගති පැවතුම් නුවණ ආදී ලක්ෂණ අළලා රචනාවූ කවි අඩංගුයි.නැටුමේ ඇත්තේ අද්භූත රසයයි.
සිංහරාජ වන්නම
මේ වන්නමට කතා පුවතක් තිබෙනවා.ඉබ්බෙක්ගේ උපායට හසුවී ළිදකට පැන මරණයට පත් සිංහරාජයෙක් ගැනයි ඒ කතාව.වර්ණනා කරන්නේ දුරදිග නොබැලීමේ ප්රතිවිපාකයයි. මෙහි අඩංගු වන්නේ හාස්‍ය රසයයි.
කිරළා වන්නම
කිරළෙකුගේ ඉරියව් මේ නැටුමේ දක්වනවා.කරුණා රසය මෙහි අඩංගුයි.
උරගා වන්නම
නාගයෙකුගේ ගමන හා උගේ ගතිගුණ වන්නම් කවියෙන් සහ නැටුමෙන් දක්වනවා.මෙහි ඇත්තේ වීර රසයයි.
අසදෘස වන්නම
අසමාන වූ තෙරුවන් ගුණ අළලා සකස් වී තිබෙනවා.මහනුවර යුගයේ රචිත උසස් නිබන්ධනයක් ලෙසට සලකනවා.ශාන්ත රසය අඩංගුයි.
මුසලඩි වන්නම
ඉර බැසයන වෙලාවේ සතුටින් එහෙ මෙහෙ යන හාවෙක්ගේ ගමන් විලාශය සහ ඉරියව් දක්වනවා.මෙහි ඇත්තේ ශාන්ත රසයයි.
තුරගා වන්නම
සිදුහත් කුමරු ගිහි ගෙයින් නික්ම යන අවස්ථාව,කන්තක අසු පිට ගමන් කිරීම වන්නම් කවියෙන් කියවෙනවා.මුළු වන්නම අශ්වයාගේ ගමන් විලාශය අනූව නිර්මාණය වෙලා තිබෙනවා.මෙහි ඇත්තේ වීර රසයයි.
ගාහක වන්නම
ශක්‍ර දෙවිගේ දක්ෂිණාවෘත මංගල හක්ගෙඩිය වර්ණනා කරන කවි ඇති නැටුමක්.මේ වන්නමේ රසය වන්නේ අද්භූත රසයයි.
සැවුලා වන්නම
කුකුළාගේ උපත,ගතිගුණ ආදිය විස්තර කරයි.කතරගම දෙවිගේ සැවුල් කොඩිය ගැනද කවි වලින් කියවෙනවා.
ගජගා වන්නම
රාජාභරණ සහිත මංගල හස්ති රාජයා ගමන් කරන ව්ලාශය දක්වන වන්නමයි.අද්භූත රසය මෙහි ඇත.
සුරපති වන්නම
උමයංගනාව නැතිව වැලපෙන ඊශ්වර දෙවියන්ගේ ස්වාභාවය අලලා කෙරෙන නැටුමක්.අද්භූත රසය මෙහි ඇත.
උදාර වන්නම
රාජාභරණ වලින් සැරසුණු ඉතා අලංකාර රජුගේ තේජස,ගමන් විලාශය පෙන්වයි.වීර රසය අඩංගුයි.
මයුරා වන්නම
කතරගම දෙවියන්ගේ වාහනය වූ රණමයුරා පිල් විදහාගෙන නටන අයුරු මෙම වන්නමේ අඩංගුයි.මෙහි ඇත්තේ අද්භූත රසයයි.
ඊරඩි වන්නම
යුද භටයෙක්ගේ ගතිගුණ විස්තර කරන වන්නමක්.යුද්ධයේ සේනාධිපත්ගේ සටන් විලාශය මෙහි අඩංගුයි.වීර රසයෙන් යුක්තයි.
හනුමා වන්නම
වදුරකුගේ ගමන,උසුළු විසුළු ආදී හැම ගතිගුණයක්ම මේ වන්නමේ අඩංගුයි.කරුණා සහ හාස්‍ය රසය ඇත.
වෛරෝඩි වන්නම
ඊෂ්වර දෙවියන්ගේ හා මහපොළව අතර වූ සංවාදාත්මක වර්ණනාවක්.ඊට වෛරෝඩි නම් මැණික චමත්කාර ලෙස උපමාවක් අයුරින් යොදාගෙන තිබෙනවා.මෙහි ඇත්තේ අද්භූත රසයයි.

වන්නම් ආරම්භය
ආරම්භයේදී
වන්නම් යනු ගායනා විශේෂයකි. බොහෝ විට වන්නම් වලින් විස්තර කෙරෙන්නේ ඇතා, වදුරා, සාවා, මොණරා, කුකුළා, සර්පයා වැනි සත්ව විශේෂයන්හි හැසිරීම්
රටාවයි. පසු කාලීනව නැට්ටුවන් විසින් වන්නම් සිය නර්තනයන්හි පසුබිම් ගායනා ලෙස
යොදා ගන්නා ලදී. උඩරට නැටුම් ක්රමයෙහි වන්නම් 18ක් පමණ
ඇත. සාම්ප්‍රදායානුකූලව වෙස් නැටුම් කට්ටලය පැළැදීමට පෙර උඩරට නැටටුවකු විසින් මේ
සියලුම වන්නම් ප්‍රගුණ කළ යුතුය. මේවා අතුරින් වඩාත් ප්‍රසිදධ වන්නම් ලෙස හනුමා
වන්නම (වදුරා), උකුසා වන්නම (උකුස්සා), ගජභා වන්නම (ඇතා) ගත හැක.
වන්නම්
යන වචනය සෑදී ඇත්තේ වර්ණනා (සවිස්තරාත්මක වර්ණනාව) යන සිංහල වචනයෙනි. පුරාණ සිංහල
ග්රන්ථයන්හි සැලකියයුතු වන්නම් ප්‍රමාණයක් දැකිය හැකි වුවද, පසුව ඒවා යම් නිශ්චිත අදහසක් ප්‍රකාශ කෙරෙක ඒකල නර්තනයන් සදහා සුදුසු
ගායනා ලෙස අනුවර්තනය විය. ඉතිහාසයේ දැක්වෙන පරිදි ශ්‍රී වීර පරාක්‍රම නරෙන්ද්‍රසිංහ
රජු විසින් නර්තනයට හා සංගීතයට විශාල අනුබලයක් ලබා දී ඇත.
මෙම
වන්නම් 18 පුරාණ ඉසිවරයෙකු වූ ගනිතාලංකාර විසින් මහනුවර
පන්සලක විසූ බෞද්ධ හිමි නමකගේ සහය ඇතිව රචනා කරන ලදැයි සැලකේ. ස්වභාවධර්මය, ඉතිහාසය, පුරාවෘත්ත, ගැමි ආගම් ඇදහිලි ක්‍රම, ජන කලා පදනම්
කරගෙන රචිත මෙම වන්නම් සෑම එකකින්ම කියම් වූ මනෝ භාවයක් ඉදිරිපත් කෙරේ. උඩරට
නැටුම් ක්රමයේ එන වන්නම් 18 වන්නේ ගජභා, තුරගා, මයුරා, ගාහක, උරගා, මුසලඩි, උකුසා, වෛරඩි, හනුමා, සැවුලා, සිංහරාජ, නාග, කිරලා, ඊරඩි, සුරපති, ගණපති, උදාර (රජුගේ
තේජස් භාවය හා ශ්‍රී විභූතිය) සහ අසදෘස වන්නම්ය.
වර්ථමානයේදී මේවාට සමනළ, මහ බෝ සහ හංසා යන වන්නම්
ඇතුලත් වී ඇත. වන්නම් එක් නර්තනාංගයක් කොටස් 7කින්
සමන්විත වේ.
බිම්සර නවරත්න - 6C
බිම්සර නවරත්න පුතාගේ වන්නම් 18 ගැන ලිපිය හොඳයි.
ReplyDeleteලිපියටත් වඩා ඔබේ උත්සාහය පසසනවා. මේ වාගෙ ලිපියක් සකස් කරන්න අපට බොහොමයක් විෂය කරුණු පරිශීලනය කරන්න වෙනවා. ඔයා තවම පුංචියි නෙ? ඉතින් කරුණු සෙවිය යුතුමයි. ඒකට පත පොත කියවන්න ඕනෑ; අන්තර්ජාලයේ සැරිසරන්න ඕනෑ; ඔව් එහෙම තමයි. හැබැයි පුතේ අපි ඒ විදියට පරිශීලනය කරන දේවල් ඒ වගේම උපුටා ගැනීම් කරන අවස්ථාවන් සඳහන් කිරීමට අපි කාරුණික වෙන්නත් ඕනෑ. ඒ බවත් මතක් කරමින්, ගුරු දෙමාපියන්ගෙන් උපදෙස් ලබමින් ඔයා ඔය කරන කාර්යයන් වඩාත් ඔප ම්ට්ටම් කරගන්න කියල ආශිර්වාද කරණවාග
තව හුඟාක් දේ හිතට එනවා. ඒත් ඒවා මේ ලොවෙ කියන්න යන්නෙ නෑ.
පියෙක්
---කුකුළාගේ උපත,ගතිගුණ ආදිය විස්තර කරයි.කතරගම දෙවිගේ සැවුල් කොඩිය ගැනද කවි වලින් කියවෙනවා.
ReplyDelete---
අනේ අම්මේ මෙහෙමත් බොරු ලියන්න පුළුවන් ද ? මේ සුර ඇසුර යුද්ධය ගැන යකෝ කියන්නේ. කියවල බලපියවූ ධජග්ග සුත්‍රය..
ඹබ කියනා දෙය මේ පොඩි දරුවට පැහැදිලි කරන්නේ ඔහොමද? වයස අවුරුදු 11 ක පුංචි එකෙකුට යකෝ කියන තොපයි යකා.
Delete