Tuesday, May 21, 2013

From malkakulu.com

0

මාර්තු 17 වැනිදා ලොකු උල්කාවක් හඳට කඩා වැටුණා! එය පොළොවේ සිටි අපටත් පෙනුණා!

මාර්තු 17 වැනිදා කිලෝග්‍රෑම් 40ක් පමණ බර උල්කාපාතයක් සඳ මතට කඩා වැදුණා. ඒ උල්කාවේ ඝට්ටනයෙන් නිකුත් වූ ආලෝකය පොළොවටත් පෙනුණා. මෙය මෙතෙක් දැක ගන්නට ලැබුණු ලොකුම උල්කා ගැටුමයි.

මේ බව මුලින් ම හඳුනා ගත්තේ සඳ වෙතට යොමුවූ දුරදක්නයක්. ඒ උල්කාභය සඳ මතට වැදුණු කෙණෙහි ම එම ස්ථානයෙන් දීප්තිමත් ආලෝක ධාරාවක් විහිදුණා. එය පියවි ඇසට පවා දැක ගත හැකි එකක් කියලයි නාසා ආයතනය කියන්නේ.

නාසා ආයතනය සඳට සිදුවන මේ උල්කාපතනයන් ගැන දැන් වසර අටක් තිස්සේ සෝදිසියෙන් ඉන්නවා. ඔවුන් දැනටමත් මෙසේ උල්කාපතනයන් 300කට වැඩි ප‍්‍රමාණයක් වාර්තා ගත කරගෙන තියෙනවා. ඒ අතරින් සිදු වූ විශාලතම උල්කා ඝට්ටනය මෙයයි.

"සඳ මත වැදුණු සැණෙන් එය පුපුරා ගියේ අප මෙතෙක් දැක ඇති දීප්තිමත් ම ආලෝක ධාරව මෙන් දස ගුණයක දීප්තියක් සහිතවයි." කියා නාසා ආයතනයේ බිල් කුක් කියනවා. ඔහු ඇමරිකාවේ ඇලබාමා ප‍්‍රාන්තයේ හන්ට්ස්විල් හී පිහිටුවා ඇති මාෂල් අභ්‍යවකාශ පියාසර මධ්‍යස්ථානයේ උල්කාංශු පරිසර කාර්යාලයේ නිලධරයෙක්.

 
ඊතලයෙන් දැක්වෙන්නේ හඳ මතුපිට හැපුණු උල්කාවෙන් නිකුත් වූ ආලෝකය දුරදක්නයට පෙනුන ආකාරයයි.
4

පරමාණු රඟපාන ලෝකයේ කුඩා ම චිත‍්‍රපටය දැන් ඔබටත් නරඹන්න පුළුවන්!

විද්‍යාඥයන් පිරිසක් චිත‍්‍රපටය අපූරු තලයකට ගෙන ගිහින්. ලෝකයේ කුඩාම චිත‍්‍රපටය නිපදවලා. ඒක කොයිතරම් කුඩා ද කීවොත් මනින්නෙ අණුවල දිග පළල අනුවයි. ඒ කියන්නෙ නැනෝ මීටරවලින්.

මේ චිත‍්‍රපටයේ රූප රාමු පියවි ඇහැට පෙනෙන්නෙ නැහැ. චිත‍්‍රපටයේ එක රූප රාමුවක් නැනෝමීටර් 45x25ක් වෙනවා. එක් අඟලකට නැනෝමීටර් මිලියන 25ක් තියෙනවා.

අයිබීඑම් පසුගියදා මේ චිත‍්‍රපටය යූටියුබ් එකට මුදා හැරියා. මේ චිත‍්‍රපටයේ රඟපාන්නේ අණු සහ පරමාණුයි. විනාඩියක කාලයක් දිග මේ චිත‍්‍රපටය නම් කර ඇත්තේ ‘ළමයෙක් සහ ඔහුගේ පරමාණුව’ යන අරුත් දෙන ඉංගී‍්‍රසි වදනකින්.

මෙය තනා ඇත්තේ කාබන් මොනොක්සයිඞ් අණු එකින් එක නැවත සකස් කිරීමෙන් ළමයකු බෝලයක් සමග සෙල්ලම් කරන ආකාරයක් දක්වමින්.

මේ අපූරු දස්කම කරලා තියෙන්නේ අයිබීඑම් ආයතනයේ විද්‍යාඥයන් පිරිසක්.

 
‘අ බෝයි ඇන්ඞ් හිස් ඇටම්’ චිත‍්‍රපටයේ රූප රාමුවක්.

පරිගණකයේ ආශ්චර්යය හැමතැන ම පැතිරෙයි! ගූගල් කන්නාඩි පරිගණකයේ නව මාදිලිය මෙන්න!

ඇස් කන්නාඩියක් සේ පැලඳිය හැකි ගූගල් උපැස් පරිගණකය ගැන විස්තර ‘මල්කැකුළු’ තුළින් ඔබට ගෙනාවා මතක ඇති. අද මේ කියන්නේ ලොව සැම තැනක දීම පාවිච්චි කළ හැකි එහි නව මාදිලිය එන්නට කලින් මාදිලි රැසක් නිපදවමින් ඔවුන් කළ අත්හදා බැලීම ගැනයි.

0

වසර 131 පැරණි චිත‍්‍රපට කැමරාවක්! අතේ ගෙන යා හැකි ලොව පළමු සිනමා කැමරාව මේකද?

බැලූ බැල්මට එය රයිෆලයක් වගෙයි. ඒත් ඇත්තමට නම් ඒක අතේ ගෙන යන කැමරාවක්. නිකම්ම කැමරාවක් නෙමෙයි, චිත‍්‍රපට කැමරාවක්! මේ තමයි, සිනමා කර්මාන්තය පෙරළියකට ලක් කළ ලොව පළමු චලනචිත‍්‍ර කැමරාව.

මෙය සැලසුම් කිරීමේ ගෞරවය හිමි වන්නේ ඉටෙන් යූල්ස් මරේ (Étienne-Jules Marey) නම් ප‍්‍රංශ විද්‍යාඥයාටයි. (මේ නම ප‍්‍රංශ එකක් නිසා එය උච්චාරණය කළ යුත්තේ ‘ඉටෙන් යූල්ස් මායි’ කියායි.) ඔහු මේ අපූරු කැමරාව හැඳින්වූයේ ‘ෆුසිල් ෆොටෝග්රැෆික්’ (Fusil Photographique) හෙවත් ‘ඡායාරූප රයිෆලය’ කියායි.

ඒ මගින් මුලින් ම කැමරාවට නැගුවේ කුරුල්ලන් හා කුඩා සතුන්ගේ චලනයන් ආදියයි. ඒ 1882 දියි.

 
ප‍්‍රංශ විද්‍යාඥ ඉටෙන් යූල්ස් මරේගේ ‘ෆුසිල් ෆොටෝග්රැෆික්’ හෙවත් ‘ඡායාරූප රයිෆලය’ මෙය අතේ ගෙන යා හැකි ලොව පළමු චිත‍්‍රපට කැමරාව ලෙස සැලකිය හැකියි. මෙයින් මුලින් ම කැමරාවට නැගුවේ කුරුල්ලන් හා කුඩා සතුන් චලනයන්.
2

සැත්කම්වල දී කරන මැහීම් වෙනුවට විස්මයජනක නව පෑස්සීමේ ක‍්‍රමයක් සොයා ගනිති!

ශල්‍ය වෛද්‍යවරුන් මෙතෙක් මැසීමට භාවිත කළ ක‍්‍රමවලට ආයුබෝවන් කියන්න කාලය ඇවිත්! මහන්නෙ නැතුව ‘වෑල්ඩින්’ කරන්න ක‍්‍රමයක් දැන් විද්‍යාඥයන් සොයා ගෙන තියෙනවා.

රත්තරන් අංශු යොදා ගෙන ලෙසර් මගින් කැපුම් පාස්සන්න මේ නව ක‍්‍රමයෙන් පුළුවන්. කැපුම පෑස්සීමට යොදා ගත් විට එය සිරුරේ චලනයත් සමග එකට චලනය වෙනවා.

ඇමරිකන් රසායනික සංගමයේ විද්‍යාඥයන් ඒ පෑස්සුම් ද්‍රව්‍ය ඌරන්ගේ අන්ත‍්‍ර සමග යොදා දැන් පරීක්ෂාවට ලක් කරමින් සිටිනවා. ඔවුන් විශ්වාස කරන විධියට මෙය මෙතෙක් පැවති සාම්ප‍්‍රදායික මැසීමත් සීචන (suture) තාක්ෂණයත් වෙනුවට පාවිච්චි කළ හැකියි.

විද්‍යාඥයන් සොයා ගෙන තියෙනවා දියර කාන්දු වළක්වන, ප‍්‍රත්‍යාස්ථ මුද්‍රා තැබීමක් බඳු මේ නව ක‍්‍රමයෙන් සැත්කම්වලට ගත වෙන කාලයත් අඩු වෙන බව.

 
සිරුරේ කැපීම් හා මැසීම්වල දී සාම්ප‍්‍රදායිකව සිදු කෙරෙන්නේ ජීවාණුහරණය කළ විශේෂ නූල් යොදා ගෙන මැහුම් යෙදීමෙන් හා සීචනයෙන්. මේ පැරණි තාක්ෂණ යොදා ගෙන කරන ශල්‍ය වෛද්‍ය මැසීම්වල දී ඇතැම් විට ශරීරාංග පටක බිඳී යාම නිසා අභ්‍යන්තර දියර ස‍්‍රාවය වීම් ඇති වෙන්න පුළුවන්. එහෙත් නව ක‍්‍රමයට පෑස්සීමේ දී ඒ කිසිවක් සිදු වන්නේ නෑ.
5

රථවාහන තදබදයට විස්මිත විසඳුමක්! ප‍්‍රථම පියාඹන කාරය 2015 දී වෙළඳ පොළට?

ටෙරාෆූජියා (Terrafugia) ඒ ට‍්‍රාන්ස්සිශන් කාරයේ සැලැස්ම දැන් එළි දැක්වලා තියෙනවා. ඒක අඩක් මෝටර් රථයක් වගෙයි, අඩක් පුංචි ජෙට් අහස් යානයක් වගෙයි. රෝද හතර දිග හැර පියාපත් හකුළා ගත් පසු මෝටර් රථයක් වගේ මහ මග පදවන්න පුළුවන්. තව අවුරුද් දෙකකින් මෙය ඔබටත් මිල දී ගන්න පුළුවන්.

මේ කාරය නිපදවන්නේ ඇමරිකාවේ මැසචුසෙට්ස්හී පිහිටි ටෙරාෆූජියා සමාගමයි. මෙහි අලූත්ම මාදිලිය හැඳින්වෙන්නේ ‘ටීඑෆ්-එක්ස්’ (TF-X) කියායි. මෙය සාමාන්‍ය කාරයක් දමනවා වාගේ ගරාජයක ගාල් කරන්නත් ධාවන පථයක් නැතිව හිටි තැනම ඉහළ නගින්නත් පුළුවන්.

මේ කාරය ගැනත් තවත් ලොව පුරා නිපදවෙන පියාඹන මොටෝරිය කීපයක් ගැන ‘මල් කැකුළු’ තුළින් ඔබට විස්තර ගෙන ආවා ඔබට මතක ඇති.

 
‘ටීඑෆ්-එක්ස්’ (TF-X) රථය අහස් යානයක් වී පියාසර කරන අයුරු සිත්තරකු දුටු හැටි!
3

බි‍්‍රතාන්‍ය ඉංජිනේරුවකුගේ විස්මිත නිපැයුමක්! ඕනැම රළු පාරක් විල්ලූ ද මගක් සේ දැනෙන පාපැදියක!

බි‍්‍රතාන්‍ය ඉංජිනේරුවෙක් මෙතෙක් කිසිදා නොවූවිරූ ලෙසින් බයිසිකලයට නවමුහුණුවරක් දීලා. එය පදවන ඔබට ඕනෑම බොරලූ පාරක් විල්ලූද ඇල්ලූ එකක් සේ දනේවි.

ඇත්තෙන් ම මේක හරිම අපූරු නිපැයුමක්. මේ බයිසිකලයේ රෝදවල ස්පෝක් කම්බි නැහැ. ඒවා වෙනුවට තියෙන්නේ දුනු වළලූ විශේෂයක්. එය ඔහු විසින් හඳුන්වා ඇත්තේ ලූප්වීල් (Loopwheel) ක‍්‍රමය කියලයි.

මේ නව නිපැයුම වෙළඳ පොළට එවන්න නම් මහා පරිමාණයෙන් ඒවා නිපදවන්න ඕනෑ. ඒ නිසා ඔහු අන්තර්ජාලයේ පිහිට පැතුවා. ඔහුගේ මේ නව ලූප්වීල්ස් ව්‍යාපෘතියට අරමුදල් රැස් කරන්න කික්ස්ටාටර් (Kickstarter) ඔස්සේ ඉල්ලීමක් කළා.

 
ලූප්වීල්ස් බයිසිකලයේ රෝදවලට ස්පෝක්ස් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ අවලම්බිතයක් සේ කි‍්‍රයා කරන වළලූ ආකාරයට නැමූ දුනු විශේෂයක්.

Wednesday, May 15, 2013

From Malkakulu.com

2

පළමු වතාවට ගස් වතුර ඉල්ලා කෑ ගසන හඬට විද්‍යාඥයන් සවන් දෙති!

ප‍්‍රංශ විද්‍යාඥයන් පිරිසක් විශ්වාස කරනවා, ඔවුන්ට ප‍්‍රථම වතාවට ගස් ජලය ඉල්ලා නඟන හඬ පටි ගත කරන්නට හැකි වූ බව.

මිනිසුන් අමාරුවෙන් හුස්ම ගන්නවා මෙන් ශබ්දයක් ගස්වලින් නිකුත් වෙන බව දැන් තේරුම් ගෙන තියෙනවා. සජීවී ගස් නියං කාලයේ දී දිවි රැක ගැනීමට වාතයේ ඇති තෙතමනය හැකි තරම් උරා ගැනීම සඳහා කරන උත්සාහයේ දී මිනිස් ඇසට නෑසෙන අධිධ්වනි ශබ්ද මාලාවක් නිකුත් කර බව දැන් සොයා ගෙන තියෙනවා.

මේ ශබ්ද මිනිස් කනට ඇසෙන ශබ්ද මෙන් සිය ගුණයක් වේගවත්. එහෙත් ප‍්‍රංශ විද්‍යාඥයන් පිරිසක් මෑත දී කළ පරීක්ෂණයකින් ඒ කි‍්‍රයාවලියේ වේගය ඒවාට සවන් දිය හැකි මට්ටමට අඩු කර ගෙන තියෙනවා. ප‍්‍රංශයේ ග්‍රෙනෝබල් විශ්ව විද්‍යාලයේ භෞතික විද්‍යාඥ පිලිප් මාමොටන්ට් ප‍්‍රමුඛ පිරිසක් තමයි, මේ හපන්කම කර ඇත්තේ.

 
පර්යේෂකයන් මියගිය පයින්වුඞ් දැව පතුරුවල හයිඩ්‍රොජෙල් තැවරුවා මෙවැනි සජීවී ගහක තත්වය නැවත මවා පාන්න.
2

දැවැන්ත මුහුදු රකුසෙක් නවසීලන්ත වෙරළට එයි! ඒ මිනීමරු තල්මස් යෝධයෙක්ද?

අද්භූත පෙනුමක් ඇති ‘යෝධ මුහුදු රකුසෙක්’ පසුගියදා නවසීලන්තයේ මුහුදු වෙරළට ගසා ගෙන ආවා. එහි ප්ලෙන්ටි බොක්කේ වෙරළට ගසා ගෙන ආ ඒ සත්වයා කවරෙක්ද? තවමත් ඒ අබිරහස විසඳී නැහැ.

නවසීලන්තයේ එලිසැබත් ඈන් විසින් මේ සත්වයාගේ මළ සිරුර වීඩියෝ කර යූ ටියුබ් එකට එකතු තියෙනවා. ඒ අනුව අපට දැක ගත හැක්කේ මුව අයා දත් විලිස්සා ගත් උගේ විශාල හිසෙහි කොටසක් විතරයි. සිරුරේ ඉතිරි කොටස් අතුරුදන් වෙලා! හිස ඇතුළු සිරුරේ උඩ කොටස වෙරළේ වැලි අතරින් මතුවෙලා තියෙනවා.

 
මේ අත්භූත සත්වයා අඩි 30ක් විතර දිගයි. නවසීලන්තයේ ප්ලෙන්ටි බොක්ක ආශි‍්‍රත වෙරළේ තිබූ හමු වූ උගේ සිරුරෙහි හිස සහ වරල් පත් වැනි කොටසක් පමණයි දක්නට ඇත්තේ.

තම නිර්මාණය ලෝකය වෙනස් කරන හැටි දැක ගන්නට වාසනාවන්ත වූ විද්‍යාඥයා!

ගත වූ සියවස තුළ විද්‍යාඥයන් බොහෝ දෙනකුට තමන් ඉදිරිපත් කළ නව සංකල්ප ඵල දරනු බලන්නට වාසනාවක් තිබුණේ නෑ. ඒ නිසා ම ඔවුන් මානව වංශයට කළ මෙහෙය ගැන සතුටු වන්නට ඔවුන්ට ඉඩක් ලැබුණේ නැහැ. එයට හේතුව ඔවුන්ගේ සිහින සැබෑ වන්නට ඔවුන්ගේ ජීවිත කාලයට වඩා වැඩි කාලයක් ගත වීමයි.

මට මතකයි, ශී‍්‍රමත් ආතර් සී. ක්ලාක් පවා වරක් කියා තිබුණා, එතුමා ලද ලොකු ම වාසනාව එතුමා ඉදිරිපත් කළ විශ්ව සන්නිවේදන සංකල්පය ඵල දරනු දකින්නට ජීවත් වෙන්නට ලැබීමයි කියා.

ඒ වාසානාව ලත් තවත් සුවිශේෂ විද්‍යාඥයෙක් ඉන්නවා. මීට වසර 20කට විතර ඉස්සර ඔහු ගෙනා නව අදහසක් හා ඒ ඔස්සේ කළ නිර්මාණය අද මුළු ලොව ම විප්ලවීය වෙනසකට ලක් කරමින්, දේශ සීමා ඉක්මවමින් හැම මිනිස් ජීවිතයකට ම බලපාන මහා පෙරළියක් සිදු කර තියෙනවා.

ඒ සියල්ල ඔහුට දැක ගත හැකි වුණා පමණක් නොව ඔහු අදත් ඒ හා සම්බන්ධ වෙමින් එහි උපරිම ප‍්‍රතිඵල ලොව සෑම මනුෂ්‍යයකුට ම ලැබෙන පරිදි සිය සේවය සලසමින් ඉන්නවා. ඔහුගේ ඒ නිර්මාණය තමා ඉංගී‍්‍රසි ‘ඩබ්ලිව්’ අකුරු තුනකින් හැඳින්වෙන ‘වර්ල්ඞ් වයිඞ් වෙබ්’.

 
ශී‍්‍රමත් ටිම් බර්නර්ස්-ලී, වර්ල්ඞ් වයිඞ් වෙබ් (World Wide Web) නිර්මාතෘ වෙබ් අඩවි සංවර්ධනය ගැන එදා පැහැදිලි කර දුන් අවස්ථාවක්, පසුපසින් ඇත්තේ ඔහු ඒ සඳහා යොදා ගත් කළු ලෑල්ලයි.

මැක්කන් හා මදුරුවන්ගේ ලෝකයේ විස්මිත දසුන්! නොපෙනෙන යළිත් වරක් එබී බලන්න!

පියවි ඇසට නොපෙනෙන ලෝකයේ විස්මිත දේ නොයෙක් විට ‘මල් කැකුළු’ ගෙනාවා ඔබට මතක ඇති. මෙවැනි රූප බැලීමෙන් ම පමණක් ඔබට ලිපි ගණනාවකින් ලද හැකි දැනුම එසැණින් මනසින් උකහා ගන්න පුළුවන්. මේ තවත් එවැනි අමුතු ලෝකයක්.

මේවා බැලූ බැල්මට පෙනෙන්නේ විද්‍යා ප‍්‍රබන්ධ චිත‍්‍රපටයක දසුන් වගෙයි. ඒත් මේවා ඇත්තෙන්ම අන්වීක්ෂයක් තුළින් විශාලනය කළ සමීප රූප සිය මැක්කන්ගේ, මදුරුවන්ගේ හා වෙනත් කුඩා සතුන්ගේ.

 
මේ දිය මැක්කා හැඳින්වෙන්නේ පොලිෆෙමස් (Polyphemus) කියායි. උගේ අඬු විහිදී ඇති ආකාරය විස්මයජනක ලෙස ඩැනියෙල් ස්ටුපින් විසින් ඡායාරූපයට හසු කර ගෙන තියෙනවා.
2

මෙන්න කොන්කෝඞ් පැටියා! බෝයිං සුපර්සොනික් යානය නාසා ආයතනයේ පරීක්ෂාවට!

ඇමරිකාවේ නාසා ආයතනය මේ දිනවල ‘කොන්කෝඞ් පැටියා’ නමින් හැඳින්වෙන ශබ්දයේ වේගය ඉක්මවා යන සුපර්සොනික් යානයක් පරීක්ෂාවට ලක් කරමින් සිටිනවා.

මෙම සුපර්සොනික් යානය සැලසුම් කර ඇත්තේ ඇමරිකාවේ සුප‍්‍රකට බෝයිං සමාගමයි. මෙය නිර්මාණය කෙරුණේ 2003 නොවැම්බර්යේ දී පියසැරියෙන් ඉවත් වූ කොන්කෝඞ් (Concorde) යානයෙන් ඇති වූ අඩුව පුරවන්නයි.

දැනට වානිජ සුපර්සොනික් ගුවන් යානාවලට ගුවනේ සැරිසරන්නට අවසර නැත. ඒ, එම යානා පියාසර කරද්දී ජනිත වන සුපර්සොනික් හෙවත් අතිධ්වනික ශබ්දය නිසයි.
 
බොයිං සමාගම විසින් සුපර්සොනික් ගුවන්යානා සංකල්පයට අනුව තනන ලද, එහි සියයට 1.79 ප‍්‍රමාණයේ අනුරුව හෙවත් ‘කොන්කෝඞ් පැටියා’ ඔහියෝහි පිහිටි නාසා ආයතනයේ ග්ලෙන් පර්යේෂණ මධ්‍යස්ථානයට අයත් සුපර්සොනික් සුළං උමඟ තුළ පරීක්ෂාවට ලක් කෙරුණු අයුරු එහි කවුළුවකින් පෙනුනු හැටි.

Read more: http://www.malkakulu.com/#ixzz2TQBAr1hX

From Malkakulu.com

2

සැත්කම්වල දී කරන මැහීම් වෙනුවට විස්මයජනක නව පෑස්සීමේ ක‍්‍රමයක් සොයා ගනිති!

ශල්‍ය වෛද්‍යවරුන් මෙතෙක් මැසීමට භාවිත කළ ක‍්‍රමවලට ආයුබෝවන් කියන්න කාලය ඇවිත්! මහන්නෙ නැතුව ‘වෑල්ඩින්’ කරන්න ක‍්‍රමයක් දැන් විද්‍යාඥයන් සොයා ගෙන තියෙනවා.

රත්තරන් අංශු යොදා ගෙන ලෙසර් මගින් කැපුම් පාස්සන්න මේ නව ක‍්‍රමයෙන් පුළුවන්. කැපුම පෑස්සීමට යොදා ගත් විට එය සිරුරේ චලනයත් සමග එකට චලනය වෙනවා.

ඇමරිකන් රසායනික සංගමයේ විද්‍යාඥයන් ඒ පෑස්සුම් ද්‍රව්‍ය ඌරන්ගේ අන්ත‍්‍ර සමග යොදා දැන් පරීක්ෂාවට ලක් කරමින් සිටිනවා. ඔවුන් විශ්වාස කරන විධියට මෙය මෙතෙක් පැවති සාම්ප‍්‍රදායික මැසීමත් සීචන (suture) තාක්ෂණයත් වෙනුවට පාවිච්චි කළ හැකියි.

විද්‍යාඥයන් සොයා ගෙන තියෙනවා දියර කාන්දු වළක්වන, ප‍්‍රත්‍යාස්ථ මුද්‍රා තැබීමක් බඳු මේ නව ක‍්‍රමයෙන් සැත්කම්වලට ගත වෙන කාලයත් අඩු වෙන බව.

 
සිරුරේ කැපීම් හා මැසීම්වල දී සාම්ප‍්‍රදායිකව සිදු කෙරෙන්නේ ජීවාණුහරණය කළ විශේෂ නූල් යොදා ගෙන මැහුම් යෙදීමෙන් හා සීචනයෙන්. මේ පැරණි තාක්ෂණ යොදා ගෙන කරන ශල්‍ය වෛද්‍ය මැසීම්වල දී ඇතැම් විට ශරීරාංග පටක බිඳී යාම නිසා අභ්‍යන්තර දියර ස‍්‍රාවය වීම් ඇති වෙන්න පුළුවන්. එහෙත් නව ක‍්‍රමයට පෑස්සීමේ දී ඒ කිසිවක් සිදු වන්නේ නෑ.
5

රථවාහන තදබදයට විස්මිත විසඳුමක්! ප‍්‍රථම පියාඹන කාරය 2015 දී වෙළඳ පොළට?

ටෙරාෆූජියා (Terrafugia) ඒ ට‍්‍රාන්ස්සිශන් කාරයේ සැලැස්ම දැන් එළි දැක්වලා තියෙනවා. ඒක අඩක් මෝටර් රථයක් වගෙයි, අඩක් පුංචි ජෙට් අහස් යානයක් වගෙයි. රෝද හතර දිග හැර පියාපත් හකුළා ගත් පසු මෝටර් රථයක් වගේ මහ මග පදවන්න පුළුවන්. තව අවුරුද් දෙකකින් මෙය ඔබටත් මිල දී ගන්න පුළුවන්.

මේ කාරය නිපදවන්නේ ඇමරිකාවේ මැසචුසෙට්ස්හී පිහිටි ටෙරාෆූජියා සමාගමයි. මෙහි අලූත්ම මාදිලිය හැඳින්වෙන්නේ ‘ටීඑෆ්-එක්ස්’ (TF-X) කියායි. මෙය සාමාන්‍ය කාරයක් දමනවා වාගේ ගරාජයක ගාල් කරන්නත් ධාවන පථයක් නැතිව හිටි තැනම ඉහළ නගින්නත් පුළුවන්.

මේ කාරය ගැනත් තවත් ලොව පුරා නිපදවෙන පියාඹන මොටෝරිය කීපයක් ගැන ‘මල් කැකුළු’ තුළින් ඔබට විස්තර ගෙන ආවා ඔබට මතක ඇති.

 
‘ටීඑෆ්-එක්ස්’ (TF-X) රථය අහස් යානයක් වී පියාසර කරන අයුරු සිත්තරකු දුටු හැටි!
3

බි‍්‍රතාන්‍ය ඉංජිනේරුවකුගේ විස්මිත නිපැයුමක්! ඕනැම රළු පාරක් විල්ලූ ද මගක් සේ දැනෙන පාපැදියක!

බි‍්‍රතාන්‍ය ඉංජිනේරුවෙක් මෙතෙක් කිසිදා නොවූවිරූ ලෙසින් බයිසිකලයට නවමුහුණුවරක් දීලා. එය පදවන ඔබට ඕනෑම බොරලූ පාරක් විල්ලූද ඇල්ලූ එකක් සේ දනේවි.

ඇත්තෙන් ම මේක හරිම අපූරු නිපැයුමක්. මේ බයිසිකලයේ රෝදවල ස්පෝක් කම්බි නැහැ. ඒවා වෙනුවට තියෙන්නේ දුනු වළලූ විශේෂයක්. එය ඔහු විසින් හඳුන්වා ඇත්තේ ලූප්වීල් (Loopwheel) ක‍්‍රමය කියලයි.

මේ නව නිපැයුම වෙළඳ පොළට එවන්න නම් මහා පරිමාණයෙන් ඒවා නිපදවන්න ඕනෑ. ඒ නිසා ඔහු අන්තර්ජාලයේ පිහිට පැතුවා. ඔහුගේ මේ නව ලූප්වීල්ස් ව්‍යාපෘතියට අරමුදල් රැස් කරන්න කික්ස්ටාටර් (Kickstarter) ඔස්සේ ඉල්ලීමක් කළා.

 
ලූප්වීල්ස් බයිසිකලයේ රෝදවලට ස්පෝක්ස් නැහැ. ඒ වෙනුවට තියෙන්නේ අවලම්බිතයක් සේ කි‍්‍රයා කරන වළලූ ආකාරයට නැමූ දුනු විශේෂයක්.

Read more: http://www.malkakulu.com/#ixzz2TQAjtY00

Monday, May 6, 2013

From Malkakulu.com

පොළොව වටා තුන් වැනි වැන් ඇලන් විකිරණ පටයක් බිහි වෙයි! විද්‍යාඥයන්ගේ විස්මිත අත්දැකීමක්!

පෘථිවිය වටා තුන් වැනි වැන් ඇලන් විකිරණ පටයක් හමු වී ඇතැයි අභ්‍යවකාශ ගවේෂණ යානාවලින් හෙළිදරවු වී තිබෙනවා. එයින් විද්‍යාඥයන්ට ඉඩ ප‍්‍රස්තාව පැදිලා තියෙනවා, සූර්ය සුළං අපේ පෘථිවියට ව්‍යසන ඇති කරන්නේ කෙසේද? කුමන අවස්ථාවන්හිදී ද? යන පැනවලට පිළිතුරු සොයා ගන්නට.

වැන් ඇලන් විකිරණ පට (Van Allen radiation belt) කියන්නේ අපේ පෘථිවිය වටා අභ්‍යවකාශයේ විහිදී ඇති මුදු හැඩැති විකිරණ වළලූ විශේෂයක්. අපේ ග‍්‍රහයා ආවරණය කර ගෙන මෙවැනි වළලූ දෙකක් ඇතැයි මෙතෙක් සොයා ගෙන තිබුණා.

ඒවා සොයා ගනු ලැබුවේ 1958 දී ඇමරිකානු භෞතික විද්‍යාඥයකු වූ ජේම්ස් ඇල්ෆ‍්‍රඞ් වැන් ඇලන් විසින්. ‘එක්ස්ෆ්ලෝරර් -1’ චන්ද්‍රිකාව මගින් ඉහළට යැවූ විශේෂ උපකරණවලින් තමයි, වැන් ඇලන් විසින් ඒ විකිරණ වළලූ සොයා ගනු ලැබුවේ. ආරෝපිත අංශුවලින් පිරි එවැනි කලාප දෙකක් පෘථිවියට ඉහළින් ඇති අවකාශයේ චුම්බකගෝලය වටා විහිදී ඇති බව ඔහු පෙන්වා දුන්නා. ඒවා වැන් ඇලන් පටි නමින් හැඳින්වෙන්නේ ඔහුට ගෞරවයක් වශයෙනුයි.

දැන් අලූතින් තුන්වැනි විකිරණ කලාපයකුත් ඇති වූ බව පසුගියදා සොයා ගත්තා. සූර්ය කුණාටු ඇති විට හා වෙනත් අභ්‍යවකාශ කාලගුණික වෙනස්වීම්වල දී ඒවාට ප‍්‍රතිචාර වශයෙන් ඉතා විශාල ලෙසින් ප‍්‍රසාරණය වෙනවා. එයින් අපේ සන්නිවේදන චන්ද්‍රිකාවලට හා අපට මග පෙන්වන ගෝලීය ස්ථානගත පද්ධතියට අයත් අභ්‍යවකාශගත චන්ද්‍රිකාවලට පමණක් නොව අභ්‍යවකාශයට යන මිනිසුන්ටත් අනතුරුදායක තත්වයක් ඇති කෙරෙනවා.

 
වැන් ඇලන් පටි සිත්තරකුට පෙනෙන හැටි! ඒවා පෘථිවියට පිටතින් චුම්බකගෝලයේ පිහිටා ඇති ‘මාරක ඉලෙක්ට්‍රෝන’වලින් පිරුණු විකිරණ කලාප වෙයි.

Read more: http://www.malkakulu.com/search?updated-max=2013-04-12T18:30:00-07:00&max-results=10&start=10&by-date=false#ixzz2SZsZYs00


අලූත් වෛරසයක්! සාර්ස්වලටත් වඩා භයානකයි! සිරුරේ ග‍්‍රන්ථීන් ගණනාවක් ඉක්මනින් විනාශ කරනවා!

මේ නව වෛරසය දැනටමත් ලොව පුරා 11 දෙනකු බිලි අරන්. මේ පිළිබඳව පර්යේෂණ පවත්වන විද්‍යාඥයන් කියන්නේ සිරුරේ ප‍්‍රධාන ග‍්‍රන්ථීන් ගණනාවක් අකි‍්‍රය කර ඉක්මනින් රෝගියා මරණයට පත් කරන බවයි.

මේ අබිරහස් කොරොනා වෛරස (corona virus) මාදිළිය මතු වී ඇත්තේ මැදපෙරදිගෙනි. තවමත් මෙය හඳුනා ගෙන මාස හයක්වත් ගත වී නැහැ. සාර්ස් (Sars) වගේ මේ මාදිළියට නමක්වත් දමා නැහැ. ඒ වෛරස අයත් කොරෝනා (corona) පවුලේ නමින් තමයි හැඳින්වෙන්නේ.

බි‍්‍රතාන්‍යයේ මේ වෛරසය වැළඳුණු දෙවැනි රෝගියාත් මිය ගිය බව ලෝක සෞඛ්‍ය සංවිධානය කියනවා.

 
අති භයානක මිනීමරු වෛරසය - මේ ඒ කොරානා වෛරසයේ මයික්‍රොස්කෝප් පිළිබිඹුවකි.
2

අලි කුරුලූ බිත්තරයක් වෙන්දේසියේ! වටිනාකම රුපියල් 58 ලක්ෂයක් විතර වේවි!

ලෝකයේ ලොකුම ඔම්ලට් එක හදන්න පුළුවන් බිත්තරය මේකයි! සාමාන්‍ය කිකිළි බිත්තරයක් වගේ සිය ගුණයකටත් වැඩියි කියලයි කියන්නෙ.

සෙ.මී. 30ක් උස, සෙ.මී. 21 විෂ්කම්භයක් ඇති මේ බිත්තරයක්, එංගලන්තයේ දී මේ සතියේ වෙන්දේසි කරාවි. ලන්ඩනයේ කි‍්‍රස්ටීස්හි වෙන්දේසියට තබා ඇති මෙය අර්ධ වශයෙන් පොසිල බවට පත් වූ අලි කුරුලූ බිත්තරයක්.

මේ බිත්තරයේ අයිතිකාර කුරුල්ලා හැඳින්වෙන්නේ ඉපියෝනිස් (Aepyornis) කියලයි. ඌ අඩි 11ක් උස පැස්බරෙක් වැනි සතෙක්. 14 වැනි හා 17 වැනි සියවස් අතර කාලයේ දී මැඩගස්කරයේ විසූ පියෑඹිය නො හැකි මේ කුරුල්ලා අද වඳ වී ගොස් ඇත්තේ මිනිසාගේ ගොදුරක් වීම නිසා කියලයි කියන්නෙ.

 
එංගලන්තයේ වෙන්දේසියට තබා ඇති ඉපියෝනිස් බිත්තරය පරීක්ෂා කරන එහි සේවිකාවක්. මෙය අර්ධ වශයෙන් පොසිල බවට පත් වූ නො බිඳුණු බිත්තරයකි.
2

වඳ වීමේ තර්ජනයට ලක්ව සිටින හැඳි හින්නාගේ (Spoon Billed Sandpiper) දුර්ලභ වීඩියෝවක්!

අරාතුඩු කුලයට අයත් සිලිබිලි වටුවා, වෙරළ ඔටන්නා යන නම් වලින් පොදුවේ හැඳින්වෙන සෑන්ඞ්පයිපර් (Sandpiper) යන කුරුලූ වර්ගයට සම්බන්ධ කුරුලූ වර්ග රැසක් ලොවපුරා විවිධ රටවල විසිරී ජීවත්වෙනවා. ඒ අතරින් හැඳිහොටැති සිලිබිලි වටුවා හෙවත් ‘ස්පූන්බිල්ඞ් සෑන්ඞ්පයිපර්’ (Spoon Billed Sandpiper) නම් කුරුල්ලා වඳ වී යාමේ තර්ජනයට ලක්ව සිටින අති දුලබ කුරුල්ලකු සේ සැලකෙනවා. මේ කුරුල්ලාට ‘සිරි ලක කුරුල්ලෝ’ (සරත් කොටගම හා අතුල විජයසිංහ - 1998) කෘතියෙහි දක්වා ඇත්තේ ‘හැඳි හින්නා’ කියායි.

5

කුකුළන් හරියට ම වෙලාවට අඬලන්නේ හිරු එළිය අනුව යමින්ද?

කවදා හරි දවසක ඔබේ සීනු ඔරලෝසුව ඔබට අවශ්‍ය වේලාවට නාද නො වී ගියාද? ඒත් ඔරලෝසුවට වඩා විශ්වාසය තැබිය හැකි දෙයක් සොබාදහම ඔබට දායාද කර ඇති ඔබ දන්නෙහිද?

කුකුළා උදෑසන වේලාව දක්වන්නා ලෙස අපේ පැරැන්නන් පිළිගෙන තිබුණා. ඒත් විද්‍යාත්මක ලෝකය ඒ බව තහවුරු කර ගත්තේ මෑත දී ජපානයේ කළ පර්යේෂණයකින්.

දැන් විද්‍යාඥයන් කියන විදියට කුකුළන් ඉර පායනු දැක හෝ නොදැක හෝ පාන්දර එකම වේලාවට නොවැරදීම හඬලන බව ඔවුන් විසින් තහවුරු කර ගෙන තියෙනවා.

මේ වන තෙක් අප දැන සිටියේ නැහැ, කුකුළන් හඬලන්නේ උදෑසන හිරු එළිය දැක ගැනීමෙන් පසුව ද නැතිනම් ඔවුන්ගේ සිරුරේ ඇති කිසියම් ආකරයකින් වේලාව දක්වන ශාරීරික රිද්මයක් අනුව යමින්ද කියා.

 
පර්යේෂකයන් විසින් සොයා ගෙන තියෙනවා, කුකුළන් හඬලන්නේ සූර්යාලෝකය අනුව යමින් නොව ඔවුන්ගේ සිරුරේ කිසියම් යන්ත‍්‍රණයක් මගින් ලැබෙන සංඥාවක් මගින් බව.

Read more: http://www.malkakulu.com/search?updated-max=2013-04-12T18:30:00-07:00&max-results=10&start=10&by-date=false#ixzz2SZszfBuR

3

මේ විස්මිත සතුන් පිට සක්වළින් පැමිණි අය ද? ඔබට දකින්න නො ලැබෙන සාගර පත්ලේ විසිතුරු!

මේ අය බැලූ බැල්මට වෙනත් ලෝකයකින් ආ අය වගෙයි. ඒත් මේ විචිත‍්‍ර වර්ණ මුහුදු හම්බෙල්ලන් (sea slugs) ඇත්තෙන් ම අපේ සාගරවල දී හමුවන විස්මිත සතුන් කොටසක්!

නුඩිබ‍්‍රැන්කියාවන් (Nudibranchs) මෘදු ශරීරවලින් යුත් මොලූස්කාවන් හෙවත් මෘද්වංගීන් විශේෂයක්. කීට අවස්ථාවෙන් පසු කවචය හෙවත් කටුව හැළුෑ පසු ඔවුන්ගේ ඒ ඇතුළත වෛර්ණ සිරුරු නිරාවරණය වෙනවා. ඒ අවස්ථාව දක්ෂ කැමරාශිල්පියකුට මග හැර යන්නට බැරි තරම් විස්මයජනකයි.

ලෝක ප‍්‍රකට වනජීවී ඡායාරූප ශිල්පියකු වූ ෆ්රැන්කෝ බැන්ෆි (Franco Banfi) මේ විස්මිත පින්තූර කැමරාවට හසු කර ගෙන ඇත්තේ ඒ නිසයි. ඔහු මේ විසිතුරු සතුන් දුටුවේ ඉන්දුනීසියාව, පිලිපීනය, පැපුවා නිව්ගිනියාව යන රටවල් ආශි‍්‍රත මුහුදුවලත්, මධ්‍යධරණී මුහුද හා රතු මුහුද අවට කලාපවලත් සැරිසරද්දීයි.

 
වෙනත් ලෝකයකින් ආ අමුතු සතුන් බඳු මෙවැනි සතුන් ලොව පුරා සාගරවල ඉන්නවා. ඒ වෙනුවෙන් කැප වුණු කැමරාකරුවකු නොමැති නම් මෙතරම් පහසුවෙන් දැක ගන්න බැහැ.

Read more: http://www.malkakulu.com/search?updated-max=2013-03-29T18:30:00-07:00&max-results=10&start=20&by-date=false#ixzz2SZtCyyB7


ජගත් විද්‍යාඥයන් පිරිසක් වඳවුණු සතුන් 24කට යළි පණ දෙන්න සැරසෙනවා!

පසුගිය දා ජගත් විද්‍යාඥයන් එක් රැස් වී අපූරු සාකච්ඡාවක් පැවැත්වුණා. ඒ සාකච්ඡාව පැවැත්වුණේ අතීතයට පණ දීමට ඇති හැකියාව ගැන සොයා බලන්නයි. දැනට වඳ වී ගොස් ඇති සතුන් අතරින් 24 දෙනකුට අනාගතයේ දී පණ දීමට ඔවුන් එහිදී එකඟ වුණා.

ඒත් මේ නිසා ජුරාසික් පාක් සිහිනය සැබෑ වෙන්නේ නැහැ. චිත‍්‍රපටයේදී එහෙම වුණාට එය සැබෑවක් බවට පත් කරන්නට තරම් ඒ ජාන පැරණි වැඩි කියලයි ඔවුන් කියන්නෙ.

ඔවුන් වඳ වූ සතුන් යළි උපදවීම සඳහා ‘ඩිඑක්ස්ටින්ක්ෂන්’ (de-extinction) කියා අලූත් වචනයකුත් හදලයි තියෙන්නෙ. ඊට සිංහලෙන් ‘නිර්හායනය’ (වඳ වීම වැළැක්වීම) කියා කිව හැකියි.

වඳ වී ගිය සතුන්ට පණ දීම ගැන මෙසේ සාකච්ඡා කළේ ඇමරිකාවේ වොෂින්ටන් නගරයේ පසුගියදා පැවැත්වුණු විශේෂ ටෙඞ්එක්ස් (TEDx) සමුළුවකදියි. ඒ සඳහා අනුග‍්‍රහය දැක්වූයේ නැෂනල් ජ්‍යොග‍්‍රෆික් ආයතනයයි.

 
මේ කුරුල්ලා ඩෝඩෝ. ඌව ආහාරයට ගන්නා විලෝපිකයන් හිටියෙ නෑ. ඒත් මිනිසුන් ආහාරයට ගත් නිසයි ඌ වඳ වී ගියේ.
4

වසර මිලියන 300කටත් වඩා පැරණි පා සලකුණක් සොයා ගත් 10 හැවිරිදි සිසුවෙක්!

මේක අදහන්න බැරි තරම් විස්මිත කතාවක්! බෲනෝ ඩිබැටිස්ටා දස හැවිරිදි පාසල් සිසුවෙක්! ඔහු ඉගෙන ගත්තෙ එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ්වල වින්ඞ්මිල් ප‍්‍රාථමික පාසලේ. ඔහු පොතුගල් කැබැල්ලක් ගෙනාවා ඔක්ස්ෆර්ඞ් විශ්ව විද්‍යාලයේ ස්වභාව විද්‍යා ඓතිහාසික කෞතුකාගාරය විසින් ළමයින් සඳහා පවත්වා ගෙන සමාජයකට. එය කෞතුකාගාරය විසින් පාසල් වෙලාවෙන් පසු කුඩා දරුවන්ට විශේෂයෙන් පිළියෙල කළ සමාජයක්.

ඒ පොතුගල පතුර බෲනෝ එහි ගෙන ගියේ එය පොසිල සලකුණක් කියා ඔහුගේ කුඩා මොළයට වැටහුණ නිසයි. එය දුටු කෞතුකාගාර විශේෂඥයන් මවිතයට පත් වුණා. ඔවුන් එය දුටුවේ ඛුරප කකුළුවකුගේ (horseshoe crab) පා සලකුණක් ලෙසයි. ඔවුන් හඳුනා ගත්තා ඒ සලකුණු ඊට වසර මිලියන 320කට පමණ ඉහත කාලයක දී මුහුදු වෙරළක්ව පැවති මඩ සහිත බෑවුම් ප‍්‍රදේශයක ඒ කකුළුවකු ඇවිද ගෙන ගිය බව හෙළි කරන ඉතා වැදගත් සාක්ෂියක් ලෙස.

 
විස්මිත සොයා ගැනීමක්! එංගලන්තයේ ඔක්ස්ෆර්ඞ්හී පාසල් සිසුවකු වූ බෲනෝ ඩිබැටිස්ටා මේ පෙන්වන්නේ ඔහු විසින් පසුගියදා සොයා ගත් පොතුගල් පතුරයි. එය මීට වසර මිලියන 300කට පමණ පෙර විසූ කකුළු විශේෂයක පොසිලගත සලකුණු යැයි දැන් හඳුනා ගෙන තියෙනවා.

පොළොවේ විස්මිත සේයා රුවක්! සූර්යයා සමකයට මුදුන් වෙන මොහොත මෙයයි!

පෘථිවියේ නව ආකර්ෂණීය රූපයක් හසුකර ගැනීමට ඇමරිකානු කාලගුණ චන්ද්‍රිකාවක් සමත් වී තියෙනවා. ඒ පෘථිවියේ ඍතු වෙනස් වීම ආරම්භ වන මොහොතේ එය දර්ශනය වෙන ආකාරයයි.

විෂුවය එළඹී මිනිත්තු තුනකින් ගෙන ඇති මේ ඡායාරූපය අපට ලබා දුන්නේ ඇමරිකාවේ ‘ගෝස් -13’ (GOES-13) චන්ද්‍රිකාවයි. ඇමරිකාවේ ජාතික සාගරවිද්‍යා හා වායුගෝලීය පාලනාධිකාරිය විසින් මෙහෙයවන ඒ චන්ද්‍රිකාව මගින් වායුගෝලයේ හා පෘථිවියේ තොරතුරු නිරන්තරයෙන් අපට ලබා දෙනවා. මේ ඡායාරූපය සටහන් වී තිබෙන්නේ විෂුවය උදා වී මිනිත්තු තුනකට පසු එනම්, මාර්තු 20 දා 7:45 ET වේලාවටයි.

විෂුවය (equinox) යනුවෙන් හැඳින්වෙන්නේ සූර්යයා සමකයට මුදුන් වන මොහොතයි. එවැනි අවස්ථා දෙකක් අවුරුද්දක දී උදා වෙනවා. එකක් මාර්තු 20 වැනිදා, අනික සැප්තැම්බර් 22 වැනිදා. එහි දී අවුරුද්ද මුළුල්ලේම පෘථිවිය පුරා ම රැයත් දහවලත් (දළ වශයෙන්) එක හා සමාන වෙනවා.

ඔබට මෙහි ඇති ඡායාරූපයෙන් පෙනෙනවා, ඇති සූර්යයා ගෙන් එන ආලෝකයෙන් අර්ධගෝලයන් දෙක ම එක හා සමානව ආලෝකවත් වී තිබෙන අයුරු.

 
වසන්ත විෂුවය උදා වූ මොහොත, 2013 මාර්තු 20 වැනිදා 7:02 GEOS -13 චන්ද්‍රිකාව පෘථිවිය කැමරාවට හසු කර ගත්තේ 7:45 ET වෙලාවටයි.
0

ඇස් අදහන්න බැරි තරම් විස්මිත සතුන්ගේ ඇස්! පියවි ඇසට නොපෙනෙන ලොව කැමරා ඇසින්!

එක බැල්මෙන් ම සිත සසළ කරවනසුලූ, කිසිදාක නුදුටු උරගයන් හා උභයජීවීන්ගේ ඇස් දකින ඔබට මෙවන් අත්දැකීමක් මින් පෙර නොලැබෙන්න ඇතුවා නිසැකයි.

මේ විවිධ ස්වරූපවල ඇස් මේ සතුන්ට උරුම වෙන්නට ඇත්තේ නිසැකව ම වසර මිලියන ගණනක් තිස්සේ සිදු වූ පරිණාමයේ හාස්කමක් ලෙස වෙන්න ඇති.

වෘත්තීය වනජීවී ඡායාරූප ශිල්පියකු වූ ඩැනියෙල් හියුක්ලින් සිය කැමරාවත් අරන් ලොව පුරා රටවල් ගණනාවකට ගියා මේ පින්තූර එකතුව ඔබ වෙත ගෙන එන්න.

 
ඡායාරූප ශිල්පී ඩැනියෙල් හියුක්ලින්ගේ වඩාත් සිත් ගත් මේ ඡායාරූපයේ වර්ණ යෙදී ඇති අන්දම ඉතාමත් විස්මිතයි! මේ පැන්තර් බොහොඬෙකුගේ ඇසේ රුව කැමරාවට නැඟුවේ මැඩගස්කරයේදියි.
0

උඩුගුවනේදී ඔබේ තනියට දැන් යාළුවෙකුත් ඉන්නවා! හඳුනා ගන්න! ඒ සුරතලා - කිබෝ!

මේ වසරේ දී අභ්‍යවකාශයට යන රෝබෝ සුරතලා තමයි, කිබෝ. මේ වතාවේ අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම් පොළට යවන ජපන් ජාතික අභ්‍යවකාශගාමියා වූ කොයිචි වකාටා සමගයි, කිබෝ යන්නේ. උඩු ගුවනේ දී එයාට වකාටා සමග ජපන් බසින් කතා කරමින් ඔහුගේ පාළුව දුරු කරන්නට හැකි වේවි.

දැනට ජපන් බස මේ රොබෝට යොදා තිබුණත් අනාගතයේදී ඒ ඒ අභ්‍යවකාශගාමියාට සරිලන විදියට ඔහුගේ බස මෙවැනි රොබෝලාට යොදන්න පුළුවන්.

 
අභ්‍යවකාශගාමී රොබෝ, කිබෝ ශූන්‍ය ගුරුත්වය යටතේ කි‍්‍රයා කරන්නට හැකි විදියටයි තනා තියෙන්නෙ. මේ වසර අගදී අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම් පොළට යවන්නයි බලාපොරොත්තුව.
0

සම යට තැන්පත් කරන රුධිර රසායනාගාරයක්! සෞඛ්‍ය සත්කාරයේ විස්මිත පෙරළියක්!

ලෝක සුව සේවාවට අනාගතයේදී එක්වන ලොකුම පෙරළිය මෙයයි. මෙය මිමී14ක් දිග පුංචි චිප් එකක්. මෙය සම යට තැන්පත් කළ පසු මෙයට හැකියාව තියෙනවා, රෝගියාගේ සෞඛ්‍යය ගැන ජංගම දුරකතනය ඔස්සේ වෛද්‍යවරයාට ලබා දෙන්න. රෝගියා කොතැන හිටියත් ඔහුගේ සෞඛ්‍ය තත්වය ගැන නොකඩවා වෛද්‍ය අංශවලට වාර්තා කරන්න.

ස්විට්සර්ලන්තයේ ජිනීවා විල අසබඩ පිහිටි ඉකෝලේ පොලිටෙක්නික් ෆෙඩරල් ඩි ලව්සෑන් (École polytechnique fédérale de Lausanne) තාක්ෂණික විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් තමයි, මේ අපූරු නිර්මාණය තනලා තියෙන්නෙ. මෙම නව මෙවලම රසායන චිකිත්සාවට (chemotherapy) ලක් කර සිටින රෝගීන් මිල කළ නොහැකි වටිනාකමක් තියෙන එකක්. ඒ විතරක් නෙවෙයි, රුධිර පද්ධතියේ මූලික රසායනික කි‍්‍රයාකාරකම් අවේක්ෂණය කර හෘද අකරණයක් ළඟ එන්නේ නම් ඒ බව කල්වේලා ඇතිව දැනුම් දෙන්නත් මේ මෙවලමට පුළුවන්.

 
මේ ඩැහි අඬුව අග ඇති කුඩා මෙවලම(වෛද්‍ය රසායනාගාරය) සම යට තැන්පත් කළ විට ජංගම දුරකතනයක් ඔස්සේ තොරතුරු වෛද්‍යවරයා වෙත ලබා දිය හැකියි. රෝගියකු දුරස්ථව සිට විමසිය හැකි අලූත්ම මෙවලම මෙයයි.

Read more: http://www.malkakulu.com/search?updated-max=2013-03-29T18:30:00-07:00&max-results=10&start=20&by-date=false#ixzz2SZtJ2bKC

පස් හැවිරිදි දැරියකගේ විස්මිත සොයා ගැනීමක්! ඒ නව පියාඹන ඩයිනොසෝරයෙක්!

මින් පෙර හඳුනා ගෙන නො තිබූ ආදි යුගයේ විසූ ඩයිනොසෝරයෙක් සොයා ගැනීමට බි‍්‍රතාන්‍යයේ පාසල් දැරියක් සමත් වී තියෙනවා. ඇය නමින් ඬේසි මොරිස් (Daisy Morris). අලූතින් සොයා ගත් මේ සත්වයාට අයත් පොසිල ඇය විසින් සොයා ගන්න අවස්ථාව වෙන කොට ඇයට යම්තම් වයස අවුරුදු පහ පිරුණ විතරයි.

පොසිල විද්‍යාඥයන් වසර පහක් තිස්සේ පර්යේෂණ කිරීමෙන් පසු, 2008 දී අයිල් ඔෆ් වයිට් (Isle of Whight) දූපතේ වෙරළේ දී මතුවුණු පොසිල අස්ථි මෙතෙක් හඳුනා ගෙන නො තිබුණු පියාඹන ඩයිනොසෝරයකුගේ බව හෙළිදරවු කළේ පසුගිය සතියේයි.

මේ පොසිල අස්ථි කැබලි සොයා ගන්න කොට ඬේසි මොරිස් පස් හැවිරිදි වුනත් මෙහි විද්‍යාත්මක විමර්ශන කටයුතු අවසන් කොට මේ වසර මිලියන 115කට පෙර විසූ අමුතුම ඩයිනොසෝරයකුගේ බැව් හෙළිදරවු වන විට ඇය නව වැනි වසර සපිරූ දැරියක්.

ඇය ළඟ කලක් තිස්සේ රැස් කර ගත් පොසිල හා සත්ව ශේෂ එකතුවක් තියෙනවා. ඇය ගැන සඳහන් කළ එක් විශේෂඥයකු කීවේ, ඇගේ නිදන කාමරය හරියට ‘ස්වාභාවික ඉතිහාස කෞතුකාගාරයක් වගෙයි’ කියලයි.

 
ඬේසි මොරිස්ට අවුරුදු පහයි, වසර මිලියන 115කට පෙර විසූ පියාඹන උරගයාගේ අස්ථි පොසිල සොයා ගන්නා විට.
6

මිනිත්තුවක දී අන්තර්ජාලය තුළ සිදු වන විස්මයජනක දේ!

අන්තර්ජාලය තුළ සිදු වන කි‍්‍රයාකාරකම් මොනවාද? තත්පර 60ක් ඇතුළත එයින් කොපමණ සිදු වෙනවාද? ඇත්තෙන් ම මේ තොරතුරු අදහන්නත් බැරි තරම් විස්මිතයි!

අන්තර්ජාලය තුළ මිනිත්තුවක දී ඊ-මේල් පණිවිඩ විසි කෝටි හතළිස් ලක්ෂයක් (මිලියන 204ක්) යවනවා. ඒ කාලය තුළ දී යෙදවුම් 47,000ක් බාගත කරනවා. අන්තර්ජාලය හරහා පොත් අලෙවි කරන ඇමසන් ආයතනය ඒ මිනිත්තුව තුළ දී ඩොලර් 83,000ක (රුපියල් 83,00,000ක) පොත් අලෙවි කරනවා.

ඒ විතරක් නොවෙයි, ඒ මිනිත්තුව ඇතුළත ඡායාරූප කෝටි තුනක් (මිලියන 20ක්) ද, ෆේෂ්බුක් පිටු ලක්ෂ 60ක් (මිලියන 6ක්) නරඹනවා. ඒ එක්කම යූටියුබ් හරහා ඒ මිනිත්තුව ඇතුළත දී වීඩියෝ ක්ලිප් ලක්ෂ 13ක් (මිලියන 1.3ක්) අන්තර්ජාලයේ සැරිසරන්නන් නරඹනවා.

 
ඉන්ටෙල් ආයතනය මගින් කළ සමීක්ෂණයෙන් ලත් තොරතුරු රූප සටහනකට ගොනු කර ඇත්තේ මෙහෙමයි. එක මිනිත්තුවක දී ගිගා බයිට් 639,800ක් දත්ත සම්පේ‍්‍රෂණය කෙරෙනවා.
0

ලොව මුල් ම කුරුල්ලන් පියාපත් යුගල දෙකකින් පියෑඹුවා! චීන පර්යේෂකයන් පිරිසකගේ සොයා ගැනීමක්!

පසුගිය දා චීන පර්යේෂකයන් පිරිසක් සොයා ගෙන තියෙනවා, මුල්ම කුරුල්ලන්ට පියාපත් දෙකක් නොව හතරක් තිබුණු බව. ඔවුන් කියන්නේ ඒ කුරුල්ලන් පියාසර කළේ පියාපත් යුගලක් සහිත ‘බයිප්ලේන්’ අහස් යානයක් වගේයි කියායි.

මේ විශ්ලේෂණය සඳහා ඔවුන් ඉපැරණි කුරුලූ ඇටසැකිලි 11ක් පරීක්ෂා කරල තියෙනවා. ඒවා වසර මිලියන 150ත් 100ත් අතර අතීත කාලයට අයත්. ඒවාට අනුව ඒ පැරණි කුරුල්ලන්ට පාද හා සම්බන්ධ වුණු අතිරේක පියාපත් යුගලක් තිබුණු බව හෙළි වුණා. ඒවා ඉතා ඵලදායී අයුරින් හසුරුවන්නටත් ඔවුන් සමත් වුණා.

 
ඇන්කියෝනිස් හක්ස්ලි (Anchiornis huxley) කියන ප‍්‍රමාණයෙන් කුඩා වූ පිහාටු සහිත පියාසර කළ ඩයනසෝරයන්ට පාද අගත් පියාපත් දෙකක් තිබුණා.

Read more: http://www.malkakulu.com/search?updated-max=2013-03-29T18:30:00-07:00&max-results=10&start=20&by-date=false#ixzz2SZvFCcpC

ඔබේ අනාගත නිවස හා කන්තෝරුව කොයි වගේ වේවිද? ඒ විස්මිත අනාගතය දැක ගන්න එක්වන්න!

ඔබට උයන හැටි කියා දෙන අන්තර්කි‍්‍රයාකාරී කුස්සි වැඩ තට්ටුවක්! නිවසේ හෝ කාර්යාලයේ බිත්ති පුරා පැතිරුණු යෝධ තිර! ස්පර්ශ තිර ලෙස භාවිත කළ හැකි මේස! මෙවලම් එකිනෙක ගෑවුණු විට සිදු වන සන්නිවේදනය! විද්යුත් ක‍්‍රමයෙන් රූප හුවමාරුවක්! මයික්‍රොසොෆ්ට් අනාගත සංකල්පය දැන් හැබෑ වෙලා!

මේ කොම්පියුටර් දැවැන්තයා වෙතින් ඒ සංකල්පය අපට බලපාන හැටි දැක්වෙන වීඩියෝවක් නිපදවා තියෙනවා. සිය අනුග‍්‍රාහකයන්ට එම ආයතනයෙන් ඉදිරිපත් කෙරෙන ‘නුවණින් දකින පර්යේෂණාගාරය’ හෙවත් ‘පරිගණක සිප් හල’ (Envisioning lab) ඔවුන් මවිතයෙන් මවිතයට පත් කරනවාට සැකයක් නැ.

මේ සංකල්පයට අනුව ඔබේ කුස්සියට එන එළවළු හඳුනා ගෙන ඔබට ඒවා රසට ගුණට පිළියෙල කළ හැකි ක‍්‍රමය කියා දෙන්න පුළුවන් වැඩතට්ටුවක් (worktop) එක් වෙනවා. බිත්තිය පුරා විහිදුණු පුළුල් තිර නිවසට හෝ කන්තෝරුවට එක් වෙනවා. ඒවා ඔබට විනෝද කී‍්‍රඩාවලටත් යොදා ගත හැකියි. ඔබේ මේසය ස්පර්ශ කළ විට යෝධ තිරයක් බවට පත් වෙනවා!

මයික්‍රොසොෆ්ට් ආයතනය කියනවා, ඔවුන් වර්තමානයේ තාක්ෂණයේ සිදුවෙමින් පවතින වෙනස් වීම් සැලකිල්ලට ගෙන මෙම සංකල්පය නිර්මාණය කළ බව.

 
ඔබේ කුස්සියට එන පරිගණක වැඩතට්ටුවට ඔබ ගන්නා එළවළු හඳුනාගෙන ඒ සඳහා සූප විධි යෝජනා කරන්නත් පුළුවන්.

Read more: http://www.malkakulu.com/search?updated-max=2013-03-19T01:22:00-07:00&max-results=10&start=30&by-date=false#ixzz2SZvOegoV

පි

Primary Department Of St.Anthony's College - Kandy

Primary Department Of  St.Anthony's College - Kandy

Search This Blog